පුංචි බණ්ඩා නුගවෙල කියන නම ඔබ සමහර විට අහලත් . ඔහු දළදා මාලිගයේ අලුත් මාලිගා ගොඩනැගිල්ල ඉදිකිරීමටත් මුල් වුණා. දළදා කෞතුකාගාරයේ ඔහු ගැන විස්තර තිබෙනවා. 1920 දශකය වෙද්දී නුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ විදියට කටයුතු කළේ නුගවෙල යි. ඔහුට පරම්පරාවෙන් උරුම වුණු වලව්වක් තිබුණා. 1850 දී කේ. නුගවෙල විසින් ඉදි කරන්න මුල් වුණු මේ වලව්ව හැඳින්වුණේ "බෙරගම වලව්ව" නමින්, පුංචි බණ්ඩා නුගවෙල එයට අමතරව අලුත් වලව්වක් ඉදිකළා. අක්කර පහක පමණ ඉඩමක හැදුණු දෙමහල් අලුත් වලව්වට, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය එකතු කරන්න පුංචි බණ්ඩා නුගවෙල කටයුතු කළා. අලුත් වලව්වට ලැබුණු නම වූයේ "නුගවෙල වලව්ව” යි. පුංචි බණ්ඩා නුගවෙල තමන්ගේ දියණියන් තුන්දෙනා එක්ක නුගවෙල වලව්වේ පදිංචි වුණා.1950 වෙද්දී නුගවෙල වලව්වේ අයිතිය තිබුණේ කර්නල් ඩෙරික් නුගවෙලට යි. එම්. පී. එස්. මාරවනගොඩ මේ වලව්ව ඔහුගෙන් මිල දී ගෙන තිබෙනවා. ඔහුගේ පුත් රත්නපාල මරවනාගොඩ මෙය හෝටලයක් බවට පත් කිරීමට තීරණය කළා නුගවෙල වලව්ව, අද අපි දකින "මැනර් හවුස්" නමින් බුටික් හෝටලයක් බවට පත් කරන්න මුල් වුණේ ඔහු යි. එය පිහිටා තිබෙන්නේ මහනුවරට නුදුරු නුගවෙල අලදෙනිය කියන ගමේ.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ඔක්තෝබර්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුගවෙල වලව්ව පිළිබඳ තොරතුරු, නුගවෙල වලව්ව යනු කුමක්ද? නුගවෙල වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?