බුද්ධිය

මුල් පිටුව | බුද්ධිය

දැණුම, අත්දැකීම්, අවබෝධය, සාමාන්‍ය දැණීම, සහ ඇතුළු ණුවන භාවිතාකර සිතීමට සහ ක්‍රියාකිරීමට ඇති හැකියාව බුද්ධිය නම්වේ. තවමත් බුද්ධිය යන්න මතවාදයට ලක්වෙමින් ඇත.පුද්ගලයන් දෙදෙනෙකු සැම අතින්ම සමාන වුවත් එක් අයෙක් අනෙකාට වඩා මනා ලෙස කටයුතු කරන්නේ කේසෙද?යන්න බැලුවහෝත් එය අභියෝගාත්මක අවස්තාවන්ට මුහුණ දෙන විට කටයුතු කරන ආකාරයේ වෙනස්කම් අනුව තහවුරු කර ගතහැකග.පුද්දගලයා යම් ක්‍රියාකාරකමකට සුදුසුද නැද්ද යන්න සොයා බැලිමට බුද්දිය අවශ්‍යය.ළමයනුට උගන්වද්දි හැනියා තක්සෙැවකින් තොරව අලුත් විෂයක් තොරා බෙරා ගැනිම කාලය අපතෙ යන නිෂ්ප්‍රයොජන කර්රයක් විය හැක.බුද්දිය යනු ප්‍රජානන හැකියාවකි.

කිසියම් දෙයක් පිළිබද යම් කෙනෙක් විශිෂ්ඨත්වය දක්වන සාධක කිහයක් ඇත.

  • යමක් පිළිබද ඇති උනන්දුව
  • කැපවිම
  • දක්‍ෂකම
  • පළපුරුද්ද
  • දැනුම

බුද්ධිය පිළිබද නිර්වචන

පියාජේ

බුද්ධිය ජිවියා තුල ඇති වන පැහැදිලි ක්‍රියාකරකමයි.එය ජිවියා විසින්සකස් විය යුතු බාහිර වස්තුන් ආශ්‍රයෙන් ගොඩ නැගෙන වඩා සිමවක කොටසකි.

ස්පියමන්

අදහස් හා ද්‍රවය අතර සම්බන්ධතා ගොඩනගා ගැනිමයි.

කැට්ල්

බුද්දිය යනු කොටස් 2ක එකතුවකි.

  • සහජයෙන් ඇති වු ශක්තිය
  • පොෂණය වු ශක්තිය

ඇමරිකානු අර්ථනය

බුද්ධිය යනු පුද්ගලයාට කුසලතාවයක්තිබිය යුතු බවයි.

==ද්වි සධක මතය==

  • සමාන්‍ය සාධක
  • විශේෂ සාධක

බුද්ධිය යනු සමාන්‍ය සාධකයි. වි‍ශේෂ සාධක යනු එක් එක් පුද්ගලයන්ට ඇති හැකියාවන්ය.

ත්‍රිසාධක මතය

  • කයික හැකියාව
  • සංඛ්‍යාමය හැකියාව
  • යාන්ත්‍රික හැකියාව
  • අවකාශ සම්බන්ධතා හැකියාව
  • සෞන්දර්ය සම්බන්ධතා හැකියාව

බුද්ධි පරික්ෂණ වර්ග

කේවල බුද්ධි පරික්ෂණය

ලිඛිත පුද්ගල බුද්ධි පරික්ෂණ ක්‍රමයකි."බිනේ" විසින් හදුන්වා දි ඇති මෙය වරකට ඵක් අයකු පමණක් භාජනය කරයි.

කණ්ඩයම් බුද්ධි පරික්ෂණය

ස්පියමන් විසින් හදුන්වා දි ඇත.

බහුවිධ බුද්ධි න්‍යාය

වත්මන් ලෝකයේ භාවිතා කරන සම්ප්‍රදයික බුද්ධි පර්ක්‍ෂණවලින් තක්සෙරු කරනුයේ මනුෂ්‍ය විභවතිවයන්ගෙන් ඉති ස්වල්පයකි.එ බැවින් බහුවිධ බුද්ධිය පිළිබද සිද්ධාන්තය1984 දි ඇමරිකානු මනෝ විද්‍යඥයෙකු වු"හවාඩ් ගාඩ්නර්"විසින් ඉදිරිපත් කර ඇත. මෙහිදි වැඩි දෙනෙකුගේ විවිධ දක්‍ෂතා අගය කිරිමට හැකිවන පරිදි බුද්ධි වර්ග 8ක් හදුන්වා දි ඇත.

වාචසික-භාෂාමය බුද්ධිය

වාචික හෝ ලිඛිතව වචන ඵලදායි ලෙස භාවිතා කිරිමයි.භාෂාව අර්ථකථකය කරමින් භාෂාවට ඇළුම් කරන භාෂාමය බුද්ධිවන්තයා කවි, ගී, සිංදු ගැයිම සාහිත්‍ය පොත පත කියවිමට ලිවිමට කථනය දේශනය ඹස්සේ ගැඹුරට යමින් බුද්ධිමය හැකියාව වර්ධකය කර ගනියි.

සංගිත රිද්මයානුකුල බුද්ධිය

කුඩා කල සිට පරිසරයේ ශබ්ද කුරුළු නාද මිනිස් හඩට සවන් දිමෙ රිද්මය හදුනාගෙන,සංකිර්ණ සංගිත භණ්ඩවල නඳරටා හදුනා ගැනිම දක්වා ස්වර සංයොජනය වාදනය ගයනය වැනි කුසලතා ඔස්සේ ගැඹුරට යමින් ස්වකිය බුද්ධිය වඩවා ගනියි.නි.ලෙස, සංගිතඥයා, සංගිතස්වර රචකයා, ගයකයා වාදකයා,සංගිත ගුරුවරයා දැක්විය හැක.

ප

තාර්කික-ගණිතමය බුද්ධිය

විද්‍යාත්මක චින්තනය භාවිත කරමින් නිරික්‍ෂණ පරික්‍ෂණ කිරිමෙන් නිගාමි උද්ගාමි ලෙස විවිධ ද්‍රව්‍ය සාධක හා ප්‍රස්තුත අතර සම්බන්ධතා අනාවරනය කර ගැනිමේ රුචිකත්වය දක්වන මොහු සංඛ්‍යා, ගණිතවගු, සුත්‍ර ඇසුරින් තමන් ඉදිරියේ ඇති තොරතුරැ වර්ගිකරණය කිරිමේ වින්දනය ලබමින් එදිනෙදා ජිවිතයට පවා වඩා තර්කාණුකුලව මුහුණදෙමින් ස්වකිය බුද්ධිමය කුසලතාවය වඩවා ගනියි.ගණිතඥයා, තර්ක ශස්ත්‍රඥයා, ඉංජිනේරුවා,විද්‍යා ගණිත ගුරුවරුන් පරිඝණක වැඩකරුවන් දැක්විය හැක.

දෘශ්‍ය-අවකාශමය බුද්ධිය

ලෝකය නිවරදිව ප්‍රජානනය කරමින් වර්ණ රේඛා හැඩතල මතුපිට පෘෂ්ඨය හා අවකාශමය සම්බන්ධතා හදුනා ගනිමින් මානසික දෘශමය පරිකල්පනය දියුණු කර ගන්නා බුද්ධිමතා වගු ප්‍රස්ථාර සැලසුම් රුප සටහන් සිතියම්කරණය ආදිය මගින් එවා ප්‍රකාශයට පත් කරමින්නිර්මාණශිලිව බුද්ධිය වඩවා ගනියි. ගෘහ නිර්මාණ ශිල්පියා, චිත්‍ර ශිල්පියා,ඉංචජිනේරුවා දැක්විය හැක.

කායික-සංචලනමය බුද්ධිය

ස්වකිය ශරිරය අවශ්‍ය පරිදි චලනය කිරිමෙන් විවිධාකරයෙක් නම්‍යශිලිව මුහුණ අත් පා ඇගිලි ආදි සිරුරෙ කොටස් මගින් භව ප්‍රකාශ කරයි.නළු නිළියන්, ක්‍රිඩකයන් ,සටන් කලාකරුවන්, වඩුවන් ,අදින් දැක්විය හැක.

පුද්ගල ඇතුලන්ත බුද්ධිය (පුද්ගලාන්තර බුද්ධිය)

තමන් පිළිබද සංවේදිව සිට දියුණු කළ අධ්‍යාත්මයක් සහිතව තම ශක්තින් දුර්වලකම් නිර්මාණශිලි හැකියාවන් හා ආත්ම විශ්වාසයකින් යුතු තමන් විසින් තමන්ව යථාර්ථයෙන් අව‍බෝධ කර ගනියි. දර්ශනිකයන් චින්තකයන් මනෝ විද්‍යාඥකයින්ආගමික පුජකවරු ආදින් දැක්විය හැක

අන්තර් පුද්ගල බුද්ධිය

සමාජයේ අන්‍ය මිනිසුන් ගැන සහානුභූතියෙන් යුක්ත අනුන්ගේ ප්‍රශ්න,හැගිම් අභිලශයන්තේරුම් ගැනිමට සමත් වේ.මානව විද්‍යාඥයින්,ජනනායකයන්, උපදේශකවරු,ගුරුවරු,දේශපාලඥයින් ආදින් දැක්විය හැක.

ස්වභාවධර්ම බුද්ධිය

සජිවි ලෝකයේ පවත්නා ගහ කොළ,මල්,පළතුරු,සතා සිව්පාවන්,කාලගුණය,දේශගුණය වැනි දේ ගැන යථාර්ථයෙන් හා චමත්කාරයෙන් තේරුම් ගනියි.පරිසර විද්‍යාඥකයින් ජිව විද්‍යාඥනයින් උයන් පාලකවරු අදින් දැක්විය හැක.

ආශ්‍රිත ලිපි

  • ප්‍රඥ්ඥා

අඩවියෙන් බැහැර පිටු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුද්ධිය පිළිබඳ තොරතුරු, බුද්ධිය යනු කුමක්ද? බුද්ධිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.