නුවරඑළිය තැපැල් කාර්යාලය

ශ්‍රී ලංකාවේ නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් වේ.

ඉතිහාසය

මෙරට යටත් විජිත අවධියේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1894 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලය ඉදි කල බවට තොරතුරු සඳහන් වේ. ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනූව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවා තිබේ. ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව මෙහිලා විශේෂයෙන් කැපී පෙනේ.

2012 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලයේ ඉහල මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කරන ලදී.

මුද්දර

ලෝක තැපැල් දිනයට සමගාමීව නිකුත් කරන ලද මුද්දරයක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය යොදා ගෙන තිබේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "නුවරඑළිය පෝස්ට් ඔෆිස් ටු බී අ හොළිඩේ බංග්ලෝ". ගොසිප්ලංකානිව්ස්. 2014. සම්ප්‍රවේශය 2015-04-24.
  2. "පාර්ට් ඔෆ් නුවරඑළිය පෝස්ට් ඔෆිස් ෆෝර් ටුවරිස්ම්". අයිලන්ඩ්. 28 මාර්තු 2012. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2015.
  3. "පෝස්ටල් හොළිඩේ බංග්ලෝ ඉන් නුවරඑළිය". සන්ඩේ ඔබ්සවර්. 18 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 2015-04-24.

බාහිර සබැදි

  • ශ්‍රී ලංකා පෝස්ට් - අවර් හෙරිටේජ් සංරක්ෂණය කළ පිටපත 2008-10-10 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවරඑළිය තැපැල් කාර්යාලය පිළිබඳ තොරතුරු, නුවරඑළිය තැපැල් කාර්යාලය යනු කුමක්ද? නුවරඑළිය තැපැල් කාර්යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?