නෙෆටාරි (18වන රාජවංශය)

නෙෆටාරි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ රැජිනකි. ඇය IVවන තුත්මෝස් පාරාවෝවරයාගේ මහා රාජකීය බිරිඳ වූවා ය.

නෙෆටාරි
ඊජිප්තුවේ රැජින
මහා රාජකීය භාර්යා නෙෆටාරි - ජර්මනියේ, ලෙයිප්සිග්හි ඊජිප්තු කෞතුකාගාරයෙනි
වල්ලභයාතුත්මොසිස් IV
ආගමපුරාතන ඊජිප්තු ආගම


නෙෆටාරි
රූපාක්ෂර වලින්

ඇගේ සම්භවය නොදනී. ඇය සාමාන්‍ය වැසියකු විය හැක. ඇතැම් නිරූපණයන්හි ඇය සහ ටියා මව්බිසව තුත්මෝස්ටට සහාය වන දේවතාවියන් දෙදෙනකු ලෙස නිරූපණය කොට තිබේ. 7වන වර්ෂයේ මහා රාජකීය භාර්යාව තනතුරට පත්වූයේ තුත්මෝස්ගේ සොයුරිය වූ ඉයාරෙට් ය. ඇතැම්විට එවිට නෙෆටාරි මිය යන්නට ඇත. නැතහොත් ඉයාරෙට් තුත්මෝස්ගේ බිරිඳ වීමට නිසි වියට එළැඹි විට ඇයව යටපත් කෙරෙන්නට ඇත.

ගිසේහි අටවන ශිලා ස්තම්භයේ ඇය සහ ඇගේ සැමියා දෙවිවරුන් ඉදිරියේ සිටිනු නිරූපිත ය. ඇගේ රුව ලුක්සෝර් දේවස්ථානයේ ඇති ශිලා ස්තම්භයක මෙන්ම ගුරොබ්වලින් හමුවූ ස්කැරබ් රුවක ද සඳහන් වේ. නෙෆටාරි හෝ ඉයාරට් හට දරුවන් වූ බවට වාර්තා හමු වී නැත. තුත්මෝස්ගේ මරණින් පසු ඊළඟ පාරාවෝවරයා බවට පත්වූයේ මුටෙම්වියා නැමැති උපබිසවගේ පුත්‍රයා වූ IIIවන අමෙන්හොටෙප් ය.

මූලාශ්‍ර

  1. ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004) ISBN 0-500-05128-3, පි. 140
  2. ඉයන් ෂෝව් (සංස්.) ද ඔක්‍ස්ෆර්ඩ් හිස්ට්‍රි ඔ‍ෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 241. ඔක්ස්ෆර්ඩ් විශ්වවිදයාලීය මුද්‍රණාලය. 2000. ISBN 0-19-280458-8
  3. ඩොඩ්සන් සහ හිල්ටන්, පි. 140

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙෆටාරි (18වන රාජවංශය) පිළිබඳ තොරතුරු, නෙෆටාරි (18වන රාජවංශය) යනු කුමක්ද? නෙෆටාරි (18වන රාජවංශය) යනු කුමක් දර්ශනය කරන්නේ?