නෙෆ්රුබිටි (අඛෙබෙට්නෙෆරු) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ කුමරියකි. ඇය Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ සහ අහ්මෝස් රැජිනගේ දියණියයි. එසේම ඇය හට්ෂෙප්සුට් රැජිනගේ සොයුරියක වූ අතර, IIවන තුත්මෝස්, වැඩ්ජ්මෝස් සහ අමෙන්මෝස් යන අයගේ අර්ධ-සොයුරිය විය.
| නෙෆ්රුබිටි රූපාක්ෂර වලින් | ||||||
|---|---|---|---|---|---|---|
නෙෆරුබිටි nfrw bity | ||||||
| අහ්මෝස් රැජින සහ පාරාවෝ Iවන තුත්මෝස් සමග සිටින නෙෆ්රුබිටි; ඩේර් එල්-බහ්රි වලිනි. | ||||||
ඇය ඇගේ දෙමාපියන් සමග සිටින අයුරු හට්ෂෙප්සුට්ගේ ඩේර් එල්-බහ්රි මතකාගාර දේවස්ථානයේ නිරූපණය කර තිබේ. අනතුරුව ඇය පිළිබඳ වාර්තා හමු නොවේ. ඇය ලාබාල වියේ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මූලාශ්‍ර
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, ISBN 0-500-05128-3 පි. 140
- ඩොඩ්සන් සහ හිල්ටන්, පි. 130
- ජොයිස් ටිල්ඩෙස්ලි: ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්. 2006
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙෆ්රුබිටි පිළිබඳ තොරතුරු, නෙෆ්රුබිටි යනු කුමක්ද? නෙෆ්රුබිටි යනු කුමක් දර්ශනය කරන්නේ?