පනාවිටිය අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි වටිනා ලී කැටයම් සහිත ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය පනාවිටිය, දීකිරිකෑවේ ශ‍්‍රී ලංකාතිලකාරාමය විහාරස්ථානය ආසන්නයෙන් ඉදිකොට තිබෙයි.
ඉදිකිරීම
දෙවන පරාක්‍රමභාහු රජුගේ උපදෙස් පරිදි හා මහාමාත්‍ය දේවපතිරාජයන්ගේ අධීක්ෂණය යටතේ, පනාවිටිය අම්බලම ඉදිකරනු ලැබූ බවට තොරතුරු පවතියි.
ආකෘතිය
ටැම්පිට ගෘහ ආකෘතිය අනූව යමින්, පොළොවේ ශක්තිමත් ලෙස ඉන්දවනු ලැබූ ගල් බැමි හතරක් මත පිහිටුවන ලද දැව තලාඳ 4ක් මත, පනාවිටිය අම්බලම ගොඩනංවා තිබේ.
වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට තිබෙයි.
අම්බලමේ වහලයේ මූට්ටු සවිකොට ඇති ආකාරය දැකගත හැකි අතර, එහි වූ ලී කැටයම්ද වර්ණ ගන්වා ඇත.
ප්‍රතිසංස්කරණය
1961 වර්ෂයේදී පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය යටතේ, 1962 - 1963 අතර කාලය තුලදී මෙම අම්බලම ප‍්‍රතිසංස්කරණයට ලක් කෙරුණි.
මූලාශ්‍ර
- උඩුගම්පල, ඒ.කේ.බී. (2012). "ගිමන්හලක යටගියාව". මහාමේඝ. සම්ප්‍රවේශය 3 ජූනි 2014.
- "මනරම් ලී කැටයම් සහිත ඓතිහාසික පනාවිටිය අම්බලම". දිනමිණ. 9 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 3 ජූනි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පනාවිටිය අම්බලම පිළිබඳ තොරතුරු, පනාවිටිය අම්බලම යනු කුමක්ද? පනාවිටිය අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?