ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ශ්‍රී ලංකාව)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ පැවති ලියාපදිංචි දේශපාලන පක්ෂයකි. එහි ආරම්භක නායකයා වන්නේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකායි. එය 2013 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ආරම්භක සහ වත්මන් නායකසරත් ෆොන්සේකා
ආරම්භය1 අප්‍රේල් 2013 (2013-04-01)
මතවාදයලිබරල් වාදය
නිල වර්ණදම්
Parliament of Sri Lanka
0 / 225
Sri Lankan Provincial Councils
0 / 455
මැතිවරණ ලාංඡනය
පන්දම
  • දේශපාලන පක්ෂ

2013 පළාත් සභා මැතිවරණය

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2013 සැප්තැම්බර් 21 වන දින පැවති පළාත් සභා මැතිවරණයට උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා තරඟ කළේය. ඔවුන් වයඹ සහ මධ්‍යම පළාත් සභාවලින් ආසන 3ක් සහ 2ක් ලබා ගනිමින් අදාළ පළාත්වලින් ඡන්ද 46,114ක් සහ 45,239ක් ලබා ගත්හ. ඔවුන් සභා දෙකෙහිම ජවිපෙට වඩා ඡන්ද ලබාගනිමින් තුන්වන ස්ථානයට පත්විය. කෙසේ වෙතත්, ඔවුන්ට උතුරු පළාත් සභාවෙන් කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එහිදී ඔවුන්ට ඡන්ද 170ක් පමණක් ලැබුණි.

2014 පළාත් සභා මැතිවරණ

2014 මාර්තු 29 දින පැවති පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තරඟ කළ අතර පළාත් සභා දෙකකින් ආසන 12ක් දිනා ගත්තේය. දකුණු පළාත් සභාවේ ඡන්ද 75,532ක් ලබා ගනිමින් ආසන 3ක් ලබා ගත් අතර බස්නාහිර පළාතේ ඡන්ද 203,767ක් ලබා ගනිමින් ආසන 9ක් ලබා ගත්තේය.

2014 සැප්තැම්බර් 20 දින පැවති ඌව පළාත් සභා මැතිවරණය හිදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දරුණු ලෙස පරාජයට පත් විය. ඔවුන්ට මුළු පළාතෙන්ම ඡන්ද 6076ක් පමණක් ලබා ගත හැකි වූ අතර එය 0.89% කි. මෙය අලුතින් පිහිටුවන ලද පක්ෂයට ලැබුණු විශාලතම පසුබෑම විය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය පළ කරන ලදි. මෙම තීරණයත් සමඟ ජයන්ත කැටගොඩ (පාර්ලිමේන්තු මන්ත්‍රී) ඇතුළු පත් කළ සාමාජිකයින් කිහිප දෙනෙකු පක්ෂයෙන් ඉවත් විය.

2015 අගෝස්තු 17 වන දින පැවැත්වු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තනිවම තරඟ කරන බව නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිවේදනය කළේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළේය. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට රට පුරා ඡන්ද 28,587 ක් පමණක් ලබා ගත හැකි වූ අතර මැතිවරණයේදී දැවැන්ත පසුබෑමකට මුහුණ දීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොලැබුණි.

2016 එක්සත් ජාතික පෙරමුණ

2016 පෙබරවාරි 3 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් පක්ෂය යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පාලනයට එක් විය.

පෙබරවාරි 9 වන දින සරත් ෆොන්සේකා, එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන ගේ අභාවයෙන් හිස් වූ ආසනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර, එම පක්ෂයට පාර්ලිමේන්තුවේ අසුනක් ලබා දුන්නේය.

ජූලි 30 වන දින සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් අතර ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හරින ලදී.

මැතිවරණ ඉතිහාසය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
මැතිවරණ වර්ෂය ඡන්ද ඡන්ද % ආසන ගණන +/– ආණ්ඩු බලය
2015 28,587 0.26%
0 / 225
පාර්ලිමේන්තුවේ අසුන් නොමැත
2024 283 0.00%
0 / 225
පාර්ලිමේන්තුවේ අසුන් නොමැත


මූලාශ්‍ර

  1. "Sri Lanka's former army chief registers a new political party". colombopage. 12 March 2013. 14 March 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-05-22.
  2. "Fonseka's party wins recognition". The Hindu. 1 April 2013. සම්ප්‍රවේශය 2013-05-22.
  3. "Democratic Socialist Republic of Sri Lanka: Final Report, Parliamentary Elections 17 August 2015" (PDF). European Union Election Observation Mission: 45.
  4. "SF joins UNF – Breaking News | Daily Mirror".
  5. "Fonseka takes oath as MP". Ada Derrana. 9 February 2016.
  6. "Democratic Party To Be Dissolved?". 28 June 2016. 5 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?