ප්‍රාකෘත බස

මුල් පිටුව | ප්‍රාකෘත බස

ප්‍රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්‍රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.

ප්‍රාකෘත
භූගෝලීය
බෙදා හැරීම
ඉන්දියානු උපමහාද්වීපය
භාෂාමය වර්ගීකරණයඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • ප්‍රාකෘත
ISO 639-2 / 5pra
ග්ලෝටෝලොග්None
midd1350  (මධ්‍ය ඉන්දු-ආර්ය)
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.
ක්‍රි.ව. 532 යශෝධර්මන්-විෂ්ණුවර්ධන මන්ද්සෞර් ශිලා ලිපිය තුළ "ප්‍රාකෘත" (මෙහි ප්‍රා කෘ ත) යන්න පසුකාලීන බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති අයුරු

සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්‍රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්‍රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්‍රාකෘත බස් කුල​, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්‍රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර​, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.

නමෙහි නිරුක්තිය​

මෝනියර් මෝනියර්-විලියම්ස් මහතාගේ සංස්කෘත​-ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ප්‍රාකෘත​' යන වචනය පැමිණියේ 'ස්වභාවික​' හෝ 'ප්‍රථම​' යන අරුත ගෙනෙන 'प्राकृत' (ප්‍රකෘති) යන සංස්කෘත වචනයෙන් යැයි පවසනු ලැබේ.

නාට්‍යමය ප්‍රාකෘත

මෙලෙස හඳුන්වන්නේ නාට්‍ය වැනි සාහිත්‍යමය හේතුවකට සැදී ඇති ප්‍රාකෘත භාෂාවන් ය​.

ඒවයින් ප්‍රධාන වන්නේ,
  • අර්ධ මාගධි
  • ශෞරසේනී
  • මහාරාෂ්ට්‍රී

අසාමාන්‍ය ප්‍රාකෘත බස්

පුරාණ ලංකාවේ තිබුණු හෙළබසට සහ මධ්‍යම ඉන්දියාවේ පිහිටි ගාන්ධාර නම් රාජ්‍යයේ ගාන්ධාරි බසට වෙනත් ප්‍රාකෘත බසයන්හි දක්නට නොලැබෙන ව්‍යාකරණමය හා ශාබ්දික වෙනස්කම් පෙන්වයි.

ප්‍රාකෘත භාෂා

  • අර්ධ මාගධි
  • පාලි
  • මාගධි
  • හෙළබස​
  • ගාන්ධාරි
  • මහාරාෂ්ට්‍රී
  • පෛශාචි
  • Shauraseni
  • ජෛන​ මහාරාෂ්ට්‍රී
  • Jain Shauraseni
  • Apabransh

ආශ්‍රේය මූලාශ්‍ර

  1. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  2. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  3. https://en.wikipedia.org/wiki/Prakrit#cite_note-6
  4. https://archive.org/details/sanskritenglishd00moniuoft Monier Monier-Williams' Sanskrit-English Dictionary
  5. https://en.wikipedia.org/wiki/Prakrit#Dramatic_Prakrits

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රාකෘත බස පිළිබඳ තොරතුරු, ප්‍රාකෘත බස යනු කුමක්ද? ප්‍රාකෘත බස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.