ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (ඉන්දියාව)

ජාතිය වෙනුවෙන් ප්‍රාණපරිත්‍යාගවරුන් ලෙසින් සැලකෙන්නන්ට ගරු කිරීම සඳහා, ඉන්දියාවේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති (ජාතික මට්ටමින් සර්වෝදය දිනය ලෙසින්ද හැඳින්වෙන) දින කිහිපයක් වෙති.

ජනවාරි 30

ජාතික මට්ටමින් සිහිකෙරෙන දිනය ජනවාරි 30 වෙයි. එය තෝරාගෙන ඇත්තේ, 1918 දී එදින වැනි දිනක මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිගේ ඝාතනය සිදුවී ඇති බැවිනි. ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනයේදී ජනාධිපති, උප ජනාධිපති, අග්‍රාමාත්‍ය, ආරක්ෂක අමාත්‍ය, සහ සේවා ප්‍රධානින් තුන්දෙනා, රාජ් ගට් ස්මාරකයෙහි සමාධිය වෙත රැස්වී විවිධ-වර්ණ පුෂ්පයෙන් සැදි මල් වඩම් තැන්පත් කරති. සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින් බියුගල් නලා නාද කරමින් අවසන් හඬ වයති. අන්තර්-සේවා බලඇණිය විසින් අවි පසුපස හරවා බුහුමන් දක්වති. ජාතියේ පියා සහ අනෙකුත් ප්‍රාණපරිත්‍යාගවරුන් සිහිකිරීම සඳහා පෙ.ව 11 ට රට පුරා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් රැකෙයි. සහභාගීවෙන්නන් සාර්ව-ආගමික යාච්ඤා පවත්වන අතර ගුණ වැනෙන භජන් ගයති.


ආශ්‍රිත

  1. ඉන්දියානු රජයේ ප්‍රවෘත්ති තොරතුරු කාර්යාංශය මාටර්ස් ඩේ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (ඉන්දියාව) පිළිබඳ තොරතුරු, ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (ඉන්දියාව) යනු කුමක්ද? ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (ඉන්දියාව) යනු කුමක් දර්ශනය කරන්නේ?