පාටලීපුත්‍ර

මුල් පිටුව | පාටලීපුත්‍ර

නූතන පැට්නාවට යාබදව පිහිටි පාටලීපුත්‍ර (IAST: Pāṭaliputra) පුරාතන ඉන්දියාවේ පැවති නගරයකි. ක්‍රි.පූ. 490 පමණ මගධයේ පාලක උදයින් විසින් කුඩා බලකොටුවක් (පාටලීග්‍රාම) ලෙස ගොඩනැගූ මෙය ගංගා නදිය අසල පිහිටියේ ය.

පාටලීපුත්‍ර
පාටලීපුත්‍රයෙහි සැලැස්ම වර්තමන පැට්නා සමඟ සැසඳීමේ දී
ඉන්දියාව තුළ පිහිටීම
Show map of ඉන්දියාව
පාටලීපුත්‍ර (බිහාරය)
Show map of බිහාරය
විකල්ප නමපාටලීපුත්ත (පාලි)
පිහිටීමපැට්නා දිස්ත්‍රික්කය, බිහාර්, ඉන්දියාව
කලාපයදකුණු ආසියාව
ඛණ්ඩාංක25°36′45″N 85°7′42″E / 25.61250°N 85.12833°E / 25.61250; 85.12833
උන්නතාංශය53 m (174 ft)
දිග14.5 km (9.0 mi)
පළල2.4 km (1.5 mi)
ඉතිහාසය
ගොඩනැගූ තැනැත්තාඅජාතශතෘ
ස්ථාපිත දිනයක්‍රි.පූ. 490
අත්හළ දිනයවර්තමාන පැට්නා බවට පත් විය
මෙය හා සම්බන්ධිත යහරියංකයෝ, නන්දයෝ, මෞර්යයෝ, ශුංගයෝ, ගුප්තයෝ, පාලයෝ, ශේර් ෂා සූරි
කළමනාකරණයභාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය

මෙය ශිශුනාග අධිරාජ්‍යය (ක්‍රි.පූ.. 413–345), නන්ද අධිරාජ්‍යය (ක්‍රි.පූ. 460 හෝ 420–325), මෞර්ය අධිරාජ්‍යය (ක්‍රි.පූ. 320–180), ගුප්ත අධිරාජ්‍යය (ක්‍රි.ව. 320–550), සහ පාල අධිරාජ්‍යය (ක්‍රි.ව. 750–1200) වැනි බලවත් රාජ්‍ය යටතේ අගනගරයක් ලෙස පැවතී ඇත. මෞර්ය යුගයේ දී, මෙම නගරය ලොව විශාලතම නගරවලින් එකක් ලෙස සැලකිණි. ග්‍රීක තානාපති, දේශාටක සහ ඉතිහාසඥ මෙගස්තීනිස්ට අනුව, මෞර්ය අධිරාජ්‍ය සමයේ (ක්‍රි.පූ.. 320–180 පමණ) මෙය ලොව වඩාත් සඵල ප්‍රාදේශීය ස්වයං පාලන තන්ත්‍රයක් පැවති මුල්ම නගර අතුරින් එකකි. ක්‍රි.ව. 7වන සියවසේ සිට පරිහානියට පත්වෙමින් පැවති පාටලීපුත්‍රය ශේර් ෂා සූරි (1538–1545) පාලන සමයේ දී යළි පුනර්ජීවයක් ලද අතර, එය පැට්නා ලෙස නම් කෙරිණි.

නූතන පැට්නා පරිශ්‍රයෙහි පුරාවිද්‍යා කැනීම් ගණනාවක් සිදුකොට තිබේ. 20වන සියවස අවට කාලයේ පැට්නාවේ සිදුකරන ලද කැනීම්වලින් දැවමය ආධාරක යොදා සවිබල ගැන්වූ විශාල ප්‍රාකාරයක නටබුන් හමු විය.

ආශ්‍රේයයන්

පාටලීපුත්‍ර හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  1. Kulke, Hermann; Rothermund, Dietmar (2004), A History of India, 4th edition. Routledge, Pp. xii, 448,
    ISBN 978-0-415-32920-0
     .
  2. Schwanbeck, E.A. (4 October 2008). Ancient India as described by Megasthenes and Arrian (First published 1657) (23 ed.). Bibliolife.
  3. "Patna". Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2013. Web. 13 Dec. 2013 <"Patna | India". 30 November 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2011-01-30.>.
  4. "Heritage wall for Metro corridor plan". 22 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. "A relic of Mauryan era". 27 November 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  6. Valerie Hansen Voyages in World History, Volume 1 to 1600, 2e, Volume 1 pp. 69 Cengage Learning, 2012

මූලාශ්‍ර

  • Kosmin, Paul J. (2014), The Land of the Elephant Kings: Space, Territory, and Ideology in Seleucid Empire, Harvard University Press,
    ISBN 978-0-674-72882-0
    , https://books.google.com/books?id=9UWdAwAAQBAJ
     
  • Sastri, Kallidaikurichi Aiyah Nilakanta, ed. (1988), Age of the Nandas and Mauryas (Second ed.), Delhi: Motilal Banarsidass,
    ISBN 978-81-208-0465-4
    , https://books.google.com/books?id=YoAwor58utYC
     

වැඩිදුර කියවීමට

  • Bernstein, Richard (2001). Ultimate Journey: Retracing the Path of an Ancient Buddhist Monk (Xuanzang) who crossed Asia in Search of Enlightenment. Alfred A. Knopf, New York. ISBN 0-375-40009-5

සැකිල්ල:Patna සැකිල්ල:Patna Division topics

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාටලීපුත්‍ර පිළිබඳ තොරතුරු, පාටලීපුත්‍ර යනු කුමක්ද? පාටලීපුත්‍ර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.