පාරමී කුලතුංග

ලුතිනන් ජෙනරාල් පාරමී සුගන්ධිකා බණ්ඩාර කුලතුංග RSP, VSV, USP, GW (උපත : 1950 , නුවර , විපත : 2006 ජූනි 26) ශ්‍රී ලංකා යුද හමුදවේ මාණ්ඩලික ප්‍රධානියා වූ අතර හෙතෙම හමුදාවේ තෙවන උසස්ම නිලය දැරීය.

2006 ජූනි 26 වන දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගේ ප්‍රහාරයකින් පාරමී කුලතංග මහතා මරණයට පත් විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.

අධ්‍යාපනය

කුලතුංග මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. ඔහු ඇමරිකා හමුදා යුධ විද්‍යාලයේ උපාධිධාරියෙකි

හමුදා ජීවිතය

ඔහු 1970 ජුලි 20 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුණි. මුලික යුධ පුහුණුවෙන් පසු , ඔහු දෙවන ලුතිනන් ධුරයට පත් කරන ලදුව , ගැමුණු හේවා බලඇණියේ පළමු බැටෑලියනයට අනුයුක්ත කෙරින.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාරමී කුලතුංග පිළිබඳ තොරතුරු, පාරමී කුලතුංග යනු කුමක්ද? පාරමී කුලතුංග යනු කුමක් දර්ශනය කරන්නේ?