පිදුරංගල විහාරය

පිදුරංගල විහාරය ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්‍රාමය ආශ්‍රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්‍රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ.

පිදුරංගල විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

නාම නිරුක්තිය

ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙයි.

මූලාශ්‍ර

  1. විජේබණ්ඩාර, අයි.ඩී.එම් (11 අප්‍රේල් 2016), අතීත අභිමන් හෙටටත් ඓතිහාසික පිදුරංගල, ISBN 978-955-9159-65-0 (2011), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිලිබද අමාත්‍යංශය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිදුරංගල විහාරය පිළිබඳ තොරතුරු, පිදුරංගල විහාරය යනු කුමක්ද? පිදුරංගල විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?