1815 පෙබරවාරි 18 සිදු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අල්වා ගැනීමේ කුමන්ත්‍රණයට පිළිමතලව්වේ ගබඩා නිලමේ ද සහාය වුණා. ඔහු ඉංග්‍රීසින්ට උඩරට අල්ලාගැනීමටත් උපකාරී කළා, එහෙත් 1817 සුද්දන්ට එරෙහිව උඩරට රදළවරු කළ කුමන්ත්‍රණයක දී සිංහලයන්ට පක්‍ෂ වූ පිළිමතලව්වේ ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගැනුනා. මහනුවර ඔටුනු නොපළන් රජු සේ වැජඹුණු ඔහුගේ වලව්ව ඉංග්‍රීසින් ආණ්ඩුකාරවරයාගේ නිල නිවාසය බවට පත්කළේ ඔහු සමග ඇති කෝපය පිටකිරීමට බව පේනවා. එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් තම මහනුවර නිල නිවස ලෙස යොදාගත් මේ වලව්ව ප්‍රතිසංස්කරණය කිරීමට බ්‍රිතාන්‍යයෙන් මුදල් ඉල්වා සිටියත් ලැබුණේ නැහැ. ඔහු තම කැමැත්තට පවුම් 13000ක් වැය කොට වලව්ව ප්‍රතිසංස්කරණය කළ බව සඳහන්. එය මහනුවර “කිංග්ස් පැවිලියන්" හෙවත් රජ ගෙදර ලෙස හඳුන්වන්නට වුණා,පසුව රජයට පවරාගත් පිළමතලව්වේ නිවසට හිලව් වන්නට ඉංග්‍රීසි ආණ්ඩුව රික්ස් ඩොලර් 50 බැගින් ඔහුගේ ඥාතීන්ට ගෙවා තිබෙනවා. පසුව මෙම මුදල වැඩි කර එම ඥාතීන්ට රික්ස් ඩොලර් 292 බැගින් ගෙවීමට අණ ලැබී තිබෙනවා. මෙය ආණ්ඩුකාර නිල නිවස බවට පත් කිරීමේ දී අලුත් සැලසුමක් යටතේ ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එහිදී පැරණි වලව්ව විනාශ වී ගෙස් ඇති බව පේනවා. නව ගොඩනැගිල්ල තැනීමේ දී වැඩ කළ කම්කරුවන්ගෙන් ශ්‍රමය සූරා කෑ බව දැක්වෙනවා. සමහරුන්ට දිනකට පණම් 2ක් බැගින් සොච්චම් මුදලක් තමයි ගෙවලා තිබෙන්නේ.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ඔක්තෝබර්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිළිමතලාව වලව්ව පිළිබඳ තොරතුරු, පිළිමතලාව වලව්ව යනු කුමක්ද? පිළිමතලාව වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?