චාල්ස් "පීට්" කොන්රාඩ් (කණිෂ්ඨ) (1930 ජුනි 2 – 1999 ජුලි 8) යනු නාසා අභ්‍යාවකාශගාමියෙක්, ගගනගාමී ඉංජිනේරුවෙක්, නාවික නිලදාරියෙක්, ගුවන් නියමුවෙක් සහ පරීක්ෂන නියමුවෙකි. කොන්රාඩ් ඇපලෝ 12 මෙහෙයුමේ අණ දෙන නිලදාරියා ලෙස කටයුතු කළ අතර සඳ මත පා තැබූ තෙවැනි මිනිසා ඔහු විය. කොන්රාඩ් 1962 දී නාසා දෙවන ගගනගාමි කණ්ඩයමෙන් තෝරා ගැනුණි.
චාල්ස් "පීට්" කොන්රාඩ් (කනිෂ්ඨ) | |
|---|---|
| උපත | චාල්ස් කොන්රාඩ් (කනිෂ්ඨ) ජුනි 2, 1930 ෆිලඩෙල්පියා, පෙනිසිල්වේනියා ප්‍රාන්තය, එක්සත් ජනපදය |
| මියගිය දිනය | July 8, 1999 (aged 69) ඔහායි, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
| සතපවන ලද තැන | ආර්ලින්ටන් ජාතික සුසානභූමිය, එක්සත් ජනපදය |
| ජාතිකත්වය | එක්සත් ජනපද |
| වෙනත් නම් | පීට් කොන්රාඩ් |
| උගත් ශාස්ත්‍රාලය | ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, විද්‍යාවේදී උපාධිය 1953 |
| රැකියාව | නාවික හමුදා ගුවන් නියමුවා, පරීක්ෂණ ගුවන් නියමුවා |
| සම්මාන | Distinguished Flying Cross දෙකක් Navy Distinguished Service Medals දෙකක් |
| Space career | |
| නාසා අභ්‍යාවකාශගාමී | |
| නිලය | කපිතාන්, එක්සත් ජනපද නාවික හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින 49 පැය 03 මිනිත්තු 38 යි |
Total EVAs | 4 |
Total EVA time |
|
| මෙහෙයුම් | ජෙමිනි 5, ජෙමිනි 11, ඇපලෝ 12, ස්කයිලැබ් 2 |
මෙහෙයුම් ලාංචනය | |
| විශ්‍රාම ගැනීම | 1973 දෙසැම්බර් |
අභ්‍යාවකාශගාමියෙකු වීමට පෙර, කොන්රාඩ් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගගනගාමි ඉංජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. ඉන් පසු එක්සත් ජනපද නාවික හමුදාවට බැඳුනු ඔහු ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකු ලෙස කටයුතු කළ අතර, පරීක්ෂණ නියමු පුහුණුවක් ලැබීමෙන් පසු ඔහු පරීක්ෂන නියමුවෙක් ලෙස සේවය කළේය. 1959 දී ඔහු මර්කරි ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමී අපේක්ෂකයෙක් විය.
1965 දී ජෙමිනි 5 මෙහෙයුමේදි ඔහු තම අණදෙන නිලදාරි ගෝඩන් කූපර් සමග දින 8ක් අභ්‍යාවකාශයේ ගත කළේය. පසුව ඔහු 1966 ජෙමිනි 11 මෙහෙයුමේ ද, 1969 ඇපලෝ 12 මෙහෙයුමේද අණදෙන නිලදාරියා ලෙස කටයුතු කළේය. 1973 දී ඔහු ස්කයිලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්තානය වෙත ගිය පළමු මිනිසුන් සහිත මෙහෙයුම වූ ස්කයිලැබ් 2 මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස පත්විය. එහිදී ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් ස්කයිලැබ් මධ්‍යස්ථානය දියත් කිරීමේදී සිදුවී තිබූ හානි පිළිසකර කළේය. ඒ සඳහා ජනාධිපති ජිමී කාටර් විසින් ඔහුට Congressional Space Medal of Honor පිරිනමන ලදි.
1973 නාසා ආයතනයෙන් සහ නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් කොන්රාඩ් ඇමරිකානු රූපවාහිනි සහ සන්නිවේදන ආයතනයේ උප සභාපති ලෙස පත්විය. ඉන්පසු ඔහු මැක්ඩොනල් ඩග්ලස් සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළේය.
යතුරුපැදි අනතුරකින් ශරීර අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන් 1999 ජුලි 8 වැනිදා පිට් කොන්රාඩ් මරණයට පත්විය.
මූලාශ්‍ර
- "Astronaut Bio: Charles Conrad Jr" (PDF). NASA. July 1999. සම්ප්‍රවේශය January 15, 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පීට් කොන්රාඩ් පිළිබඳ තොරතුරු, පීට් කොන්රාඩ් යනු කුමක්ද? පීට් කොන්රාඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?