බතලේගල


හැදින්වීම

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ විමසීමේ දී එහි පිහිටා ඇති ස්වාභාවික කඳුවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව, ඒවා ස්වභාවධර්මයාගෙන් ලැබුණු සෞන්දර්යාත්මක දේ බැවිනි. පුංචි සීගිරිය හෙවත් බතලේගල කන්ද ද එවැන්නකි. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් දැරූ සීගිරි පර්වතයට සමාන හැඩයක් තිබෙන නිසා බතලේගල කන්ද "පුංචි සීගිරිය" ලෙස හදුන්වනු ලැබේ. එසේ ම මෙම ස්න්ර හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ය.


පිහිටීම

උතුරින් සූරසරදියෙල්ගේ "උතුවන් කන්දෙන්" ද, දකුණින් "සාමසර" කන්දෙන් ද ,නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වු "අම්බුළුවාව" කන්දෙනුත් ,බටහිරින් "ඌරා කන්දෙනුත් වටවුණු බතලේගල කන්ද ,මීට අමතරව අලගල්ල, දෙවනගල, හන්තාන, වාකිරිගල ආදී කඳුවලින් ද වට වූ හුදකලා කන්දක් ලෙස දැක්විය හැකි ය. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි 540ක් පමණ උස වේ. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ අරණායක නගරයට ආසන්නව පිහිටි "සබරගමු ලලනාවගේ" සොඳුරු බව ඔප්නංවන ආභරණයක් බඳු ය.

බතලේගල කන්දට යන ගමන්මඟ

මාවනැල්ල නගරයේ සිට දෙබත්ගම යන බසයක නැගී අනතුරුව හත්ගම්පල නමැති හංදියෙන් "බතලේගල පර්වතයට" යන මාවත අසලින් බැස එතැන් සිට 2.5 km ක පමණ දුරක් පයින් ගමන් කළ යුතු ය. මෙම 2.5 km දුර ප්‍රමාණය අවසානයේ පර්වතයට නැගිය හැකි අතර , එතෙක් මෙම මාර්ගය අවට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වු රක්ෂිතය නැරඹිය හැකි ය. මෙය අපූරු ඡෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් මෙම අක්කර 150ක පමණ වූ වපරිසරයෙන් යුත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූඡා භූමියක් ලෙස විහාරස්ථානයට වෙන් කර ඇත. ඉතිරි භූමි ප්‍රමාණය තුළ ක්‍රමයෙන් මිනිසුන් පදිංචි වී ඇත.

කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ

ඈතින් පෙනෙන පර්වතය දෙසට ගමන් කිරීමේ දී මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක රාශියකි. නැරඹිය හැකි සතුන් රාශියකි. දෙසවන් පිනවන විහඟ නාද රැසකි. අලංකාර උඩුවියනකින් යුත් ඡෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර , ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩි වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ.

මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක

  • ඇටඹ - Mangifera zeylanica.
  • වල් දෙල් -artocarpus nobilis.
  • හල්මිල්ල -Berrya cprdifolia.
  • මිල්ල - Vitex ailissima.
  • බලබොඩ - Myristica dectylordes.
  • බදුල්ල - Semecarpus gardneri.
  • කළුමැදිරිය -
  • කිතුල් - Caryoto urens.
  • භූ කෙන්ද -
  • අත්කෙන්ද - Acronychia peduncularta.
  • වල් කුරුදු - Cinnamomum dubium.
  • මහෝ - Swietenia macrophyla.
  • පුස් වැල් -
  • රසකිඳලවැල් - Ainospora cordifoilia.
  • සත්සඳ -
  • කොතල හිඹටු
  • අරත්ත -
  • තෙඹු -
  • ගඳපාන -
  • කොටකිඹුල -
  • කැන්ද - Macaranga peitota.
  • හවරි නුග -Alstonia macrophyla.
  • පොඩිසිඤ්ඤාමරම් - Eupatorium odorotu.


මෙහි ශාක හා වැල් අතර ඖෂධීය අගයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුත් ශාක රාශියක් ද වේ. මෙම කදුකර මාර්ගයේ ඇතැම් තැනක දැවැන්ත ඝන පදුරු රාශියකි. තවත් ප්‍රදේශයක් පුරා පැතිරුණු මාන, ඉලුක් පදුරු රාශියකි. ඇතැම් පෙදෙසක ගල් කුළු රාශියක් ඇති අතර, වැසි සහිත කාලගුණයක් ඇති කාලයේ දී ඒ අතරින් කුඩා දියඇලි ඇද හැළී ඇති බවට සාක්ෂි තිබේ. බතලේගල පර්වතය හා රක්ෂිතය ආශ්‍රිතව විශාල සත්ත්ව විවිධත්වයක් ඇත. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම වඳ වී යෑමේ තර්ඡනයට ලක් වූ සත්ත්ව විශේෂ ද රාශියක් වාර්තා වී ඇත. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ.

මෙහි සුලභව දැකිය හැකි සතුන්

  • රිළවා -Macaca sinicaaurifrons.
  • මුවා - Artiodactyla.
  • කළ වැද්දා -
  • හිකණලා - Mabuya macularia.
  • ගල් මුගටියා -Herpestesvitticollis.
  • හූණා -
  • වල් ඌරා -Susscrofa cristatus.
  • පිනුම් කටුස්සා -Octocryptis wigmanm.
  • උරුලෑවා - Viverricula indica mayori.
  • පළා පොළගා - Trimerasurus trimoncephalus.
  • කබල්ලෑවා - Manis crassi caudata.
  • පොළොං තෙලිස්සා -
  • බළල් දිවියා - prionailurus rubiginosa.
  • කනඋල්ලන් -
  • ඇටි කුකුළා -
  • ගැටහොඹු කටුස්සා -
  • කොට්ටෝරුවා -
  • දඩුලේනා - Ratufa macroura melanochra.
  • කිරි වව්ලා - Kirivaula picta.
  • නරියා - Canis aureus.
  • අළු කෑදත්තා -
  • ඌරු මීයා - Bandicota indica.
  • බකමූණා -
  • ඉත්තෑවා - Hystrix indica.
  • පිළිහුඩුවා -
  • වළි කුකුළා - Gallus iafayetti.
  • හාවා - Lagomorpha.
  • සර්ප උකුස්සා - spilornis cheela.
  • ලේනා - Redentia.
  • කහ කුරුල්ලා - Orioulus xontbornus.


අහිංසක මුව පොව්වන්ට මෙන් ම විෂඝෝර සර්පයන්ට ද මෙහි සෙවණ සැලසී ඇත. බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. එහි දිග සාමාන්‍යයෙන් 350 mක් පමණ වන අතර, පළල 38m පමණ වේ.මෙහි මතුපිට අඩි 5-6 ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතුකහ පොඩිසොලික් (Red Yellow Podisolic) හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පදුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23 පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500mmක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85% ක පමණ ඉහළ අගයක් ගනී.

සැලකිය යුතුයි

ඡෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වු බතලේගලට සත්තකින් ම අද ලබා ඇත්තේ එතරම් යහපත් කලදසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව , පාරිසරික තුල්‍යතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන මෙකී පරිසරය රැකගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

සඟරා. මිහිමඬල : 3 කාණ්ඩය, 11 කලාපය, 2006 නොවැ/දෙසැම්බර්.


මේ අඩවිත් බලන්න

සීගිරිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බතලේගල පිළිබඳ තොරතුරු, බතලේගල යනු කුමක්ද? බතලේගල යනු කුමක් දර්ශනය කරන්නේ?