පෘතුගාලයේ සෙබැස්තියන් රජ

දොම් පළමුවන සෙබැස්තියන් රජ (පෘතුගීසි: සෙබස්තියොම් ඊ 20 ජනවාරි 1554 – 4 අගෝස්තු 1578) යනු, 11 ජූනි 1557 සිට 4 අගෝස්තු 1578 දක්වා පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ වූ අතර අවිස් රාජවංශයෙහි උපාන්ත්‍ය පෘතුගීසි රජ විය.

පළමුවන සෙබැස්තියන් රජ
දොම් සෙබස්තියොම් ඊ ; අලොන්සෝ සන්චෙස් කොයෙලෝ, 1575
පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ
රාජ්‍ය සමය11 ජූනි 1557 – 4 අගෝස්තු 1578
ප්‍රස්තවනය16 ජූනි 1557; ලිස්බන්
පූර්වප්‍රාප්තිකයා තෙවන ජෝන් රජ
අනුප්‍රාප්තිකයා හෙන්රි රජ
උපරාජයෝ
ලැයිස්තුව බලන්න
  • කැතරීන්, උපරාජ රැජිණ
    (1557–1562)
    හෙන්රි, පෘතුගාල රාජකුමාර උපරාජයා
    (1562–1568)
උපත20 ජනවාරි 1554(1554-01-20)
රිබෙයිරා මාලිගය, ලිස්බන්
මරණය4 අගෝස්තු 1578(1578-08-04) (වයස 24)
අල්කසීර් කැබීර්
භූමදානයජොරෝනිමස් ආශ්‍රමය (විවාදාත්මකය)
වංශයඅවිස්
පියාජුවම් මනුවෙල්, පෘතුගාලයේ කුමාරයා
මව ඕස්ට්‍රියාවේ ජොවානා
ආගමරෝමානු කතෝලික ආගම
අත්සන

හෙතෙම, ජෝන් මැනුවෙල්, පෘතුගාලයේ කුමාරයා සහ ඔහුගේ භාර්යාව වූ ඕස්ට්‍රියාවේ ජොවානාගේ පුත්‍රයා විය. ඔහු, පෘතුගාලයේ තෙවන ජෝන් රජගේ සහ ශුද්ධවූ රෝමානු අධිරාජ පස්වන චාල්ස්ගේ මුණුපුරාද විය. අල්කසීර් කැබීර් සටනෙහිදී ඔහු අතුරුදහන් විය (බොහෝ විට ක්‍රියාන්විතයෙහිදී මිය යන්නට ඇත). පළමුවන සෙබැස්තියන් රජ බොහෝ විට අපේක්ෂිතයා (පෘතුගීසි: ඕ දේසේජාඩෝ) ලෙසින් හැඳින්වෙන්නේ, ඔහුගේ මරණය නිසා ඇති වෙමින් තිබූ පෘතුගාලයෙහි පරිහානිය නවතා ලීම සඳහා ඔහු යළි පැමිණීම පෘතුගීසී ජනයා අපේක්ෂා කළ බැවිනි.

  1. පෞරාණික පෘතුගීසි භාෂාවෙහි සෙබැස්තියම් ලෙසින් ප්‍රවාචනය කෙරෙයි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෘතුගාලයේ සෙබැස්තියන් රජ පිළිබඳ තොරතුරු, පෘතුගාලයේ සෙබැස්තියන් රජ යනු කුමක්ද? පෘතුගාලයේ සෙබැස්තියන් රජ යනු කුමක් දර්ශනය කරන්නේ?