පොත්ගුල් වෙහෙර (හෝ පොත්ගුල් විහාරය) ශ්‍රී ලංකාවේ පැරණි පොළොන්නරුව නගරයේ සිට වැව් බැම්ම ඔස්සේ දකුණු දෙසට සැතැප්මක් පමණ දුරින්, පරාක්‍රමබාහු ප්‍රථිමාවට ආසන්නයේ ඉදිකොට තිබේ. මෙම සංකීර්ණය පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් ඉදිකරන ලද්දක් බැව් විශ්වාස කෙරේ.
| පොත්ගුල් වෙහෙර | |
|---|---|
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| පිහිටීම | පොළොන්නරුව |
| ද්වාරය:බුද්ධාගම | |
🌎 🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
සංකීර්ණය
මෙම ආරාම සංකීර්ණය භූමි මට්ටම් හතරක ඉදිකොට තිබේ. ඉන් තුන්වන මට්ටම තුල ගොඩනැගිලි 9ක් දැකගත හැකි වන අතර ඒවා භික්ෂුකුටි ලෙස භාවිතයට ගන්නට ඇතැයි සැළකේ. ආරාම සංකීර්ණයට ඇතුළු වීම පිණිස ප්‍රවිශ්ඨ ත්‍රිත්වයක් වන අතර ඉන් ප්‍රධාන ප්‍රවිශ්ඨ ද්වාරය නැගෙනහිර දිශාමුඛය. සිවුවන උපරි මට්ටමේ ගෝලාකාර වහලක් තිබූ වෘත්තාකාර ගොඩනැගිල්ලක නටඹුන් වන අතර එය පරාක්‍රමබාහු රජු විසින් තනනු ලැබූ මඩල මන්දිරය ලෙස විශ්වාස කෙරේ. වර්ථමානයේ එහි වහළ දැකගත නොහැකි වන අතර ඇතුලත බිත්තිහී විනාශයට ලක්වූ පැරණි සිතුවම් කොටස් දැකගත හැකි වේ.
මීට අමතරව උපරි මළුවෙහි සිව් දිශාවෙන් ඉදිකරන ලද දාගැබ් හතරක් දැකගත හැකිය. ආරාම සංකීර්ණයෙහි වූ ලක්ෂණ අනූව මෙය පැරණි බෞද්ධ පුස්තකාලයක් ලෙස භාවිතයට ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මූලාශ්‍ර
- "පොත්ගුල් වෙහෙර". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
- "පොත්ගුල් විහාරය-පොළොන්නරුව". ශ්‍රීලංකාවීව්. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොත්ගුල් වෙහෙර පිළිබඳ තොරතුරු, පොත්ගුල් වෙහෙර යනු කුමක්ද? පොත්ගුල් වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?