පළමුවන වික්‍රමබාහු රජ

පළමුවන වික්‍රමබාහු (පාලනය 1111–1132) යනු ලක්දිව මධ්‍යකාලීන රජකෙනෙක් ය. ඔහු පළමුවන විජයබාහු රජුගේ සහ කාලිංග කුමරියක වූ තිලෝකසුන්දරී රැජිනගේ පුත්‍රයාය. ඔහු පළමුවන ජයබාහු රජුගේ පාලන සමයේදී රජු වෙනුවෙන් රුහුණු පාලනය කළ "මාපා" ("මහා ආර්ය පාද" නොහොත් කුමරු අනුප්‍රාප්තිකයා) විය.

පළමුවන වික්‍රමබාහු
පොලොන්නරුවේ රජ
රාජ්‍ය සමය1111–1132
පූර්වප්‍රාප්තිකයාපළමුවන ජයබාහු
අනුප්‍රාප්තිකයාදෙවන ගජබාහු
මරණය1132
වල්ලභයාසුන්දර මහා දේවිය
දරුවන්දෙවන ගජබාහු
පියාපළමුවන විජයබාහු (මහා විජයබාහු)
මවතිලෝකසුන්දරී

පළමුවන ජයබාහු රජුගේ අභාවයෙන් පසු පළමුවන වික්‍රමබාහු රුහුණේ සිටියදී තම පුත්‍රයාට සිහසුන ලබාදීමට පළමුවන වික්‍රමබාහුගේ නැන්දා සහ පළමුවැනි විජයබාහු රජුගේ සොහොයුරිය වූ මිත්තා දේවිය විසින් කුමන්ත්‍රණය කිරීම නිසා ගැටුම් රැසක් ඇති විය. කෙසේ වෙතත්, ඔහුගේ නැන්දා සහ ඇගේ පුතුන් රටින් පලා යන අතරතුර සිංහාසනයේ නියම උරුමක්කාරයා වූ වික්‍රමබාහු සමත් විය. ඔහුගේ පාලන සමයේදී වීරදේව නම් විදේශිකයකු ලංකාව ආක්‍රමණය කළෙන් ඔහු හා යුධ වදින්නටද සිදු විය. පසු කාලයකදී ජයබාහු හා සොහොයුරන් ද වික්‍රමබාහු ද වෙන් වශයෙන් විවිධ පලාත් පාලනය කලත් ඔවුන් ගේ පාලනය දරුණු විය. ඔවුහු රට වැසියා පෙළමින් බදු අය කළහ[තහවුරු කර නොමැත]. මුලදී තමන්ට ද්‍රෝහි වූ බැවින් සංඝයා වහන්සේලා විහාර වලින් පිටමං කළ වික්‍රමබාහු එම විහාර හමුදා බැරැක්ක බවට පත් කළේය. පාලකයෝද ඔවුන් ගේ නිලධාරීහුද වැසියන්ගේ වස්තුව කොල්ල කෑවෝය. එය අභ්‍යන්තර අවුල් වලින් පිරි යුගයක් වූ අතර කිසිම සංවර්ධන කටයුත්තක් නොකරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන වික්‍රමබාහු රජ පිළිබඳ තොරතුරු, පළමුවන වික්‍රමබාහු රජ යනු කුමක්ද? පළමුවන වික්‍රමබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?