පොහොය

පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනය පරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.

සෑම පුර පසළොස්වක දිනයක්ම සඳහා සිංහලයෙන් ව්‍යවහාර වන්නේ පොහොය යන්නයි; මෙදින ශික්‍ෂාකාමී බෞද්ධයන් වෙහෙර-විහාරයන් වෙත ගොස් වන්දනාමාන පිළිවෙත් පුරති. වසරකට පොහොයන් 12 හෝ 13 ක් පවතියි. පොහොය යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, ප්‍රාථමික ලෙසින් "උපවාස දිනය" යන අරුත් දනවන පාළි සහ සංස්කෘත ’’උපෝසත’’ (උප + වස්: උපවාස කෙරුමට) යන්නෙනි. සාමාන්‍යයෙන් පොහොය දිනයන්හි, කඩසාප්පු හා ව්‍යාපාර වසා තැබෙන අතර, මද්‍යසාර සහ මාංශ විකිණීම තහනම් කර ඇත.

යම් මාසයක පොහොය දින දෙකක් ඇති වෙයි නම් දෙවැන්නට පෙරටුවෙන් ”අධි” (සිංහලයෙන් ”අමතර”) යන්න ”අධි වෙසක්”, ”අධි පොසොන්”, ආදි ලෙසින් යෙදෙයි.

ඇසල පොහොය ලංකාවාසි සැමට විශේෂයෙන් දළදා පෙරහැර ආරම්භ වන්නේ ඇසල මාසයේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොහොය පිළිබඳ තොරතුරු, පොහොය යනු කුමක්ද? පොහොය යනු කුමක් දර්ශනය කරන්නේ?