පොළොන්නරුව ශිව දේවාල

ඓතිහාසික පොලොන්නරුව නගරයේ ශිව දෙවියන් සදහා ඉදි කල ශිව දේවාල කිහිපයක් දැකගත හැකිවේ. අනුරාධපුර යුගයට පසු ලක්දිව බලයට පත් චෝලයන් විසින් තම ආගමික ඕනෑ එපාකම් සදහා මේ හින්දු ආගමික ගොඩනැගීම් කළහ.

ශිව දේවාලය I

මෙම ශිව දේවාලයෙහි පැරණි නාමය සහ නිර්මාපකයා අවිනිශ්චිත වේ. කෙසේ නමුදු දැකගත හැකි වාස්තු ලක්ෂණ අනූව මෙම නිර්මාණය 13 වන සියවසේ පමණ ඉදිකරන ලද්දක් සේ සැළකේ.

දේවාලය රාජකීය ඇතුල් නගරය හා දළදා මළුව අතර පිහිටා ඇත. මෙහි ගර්භ කොටස තුල දැකගත හැකි ශෙෙලමය ශිව ලිංගය ප්‍රධානතම පූජා වස්තුව වේ. මෙම දේවාලයේ ගොඩනැගිලි සැරසිලි අතර අත් කිසිම තැනක හමු නොවන තියුණු දත් විහිදා සිටින කැරකුණු අන් සහිත සත්ව රූපයක් දක්නට ඇත. කළුගල් මාද්‍ය කොට ගෙන ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල හින්දු ගෘහ නිර්මාණ ශිල්පය පිලිබදව තොරතුරු හෙළි කරයි. මෙම නිර්මාණය චෝළ වාස්තු විද්‍යාවට අනුව ඔවුන්ගේ උවමනාවට ඉදිකර නිමවා ඇත. හොදින්ම ආරක්ෂා වී ඇති පැරණිතම ශිව දේවාල ගොඩනැගිල්ල ලෙස මෙය හැදින්විය හැක. මෙය රන්කොත් වෙර දෙසට වැටී ඇති මාර්ගයේ මැණික් වෙහෙරට ආසන්නයේ පිහිට ඇත.

ශිව දේවාලය II

ශිව දේවාල අංක 2 ගොඩනැගිල්ල පොළොන්නරුව පෞරාණික නගරය තුල දැකගත හැකි පැරණිම ගොඩනැගිල්ලක් සේ සැළකේ. මෙය මාදේවි ඉසාර මුදියර් දේවිය සිහිවීම පිණිස ඇගේ පුත් රාජේන්ද්‍ර රජ විසින් ක්‍රි.ව. 1015-1044 කාලයේදී තනවන ලද බව ද්‍රවිඩ අක්ෂර සහිත සෙල් ලිපියෙන් සනාථ වේ. පාණ්ඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොලින් විසින් ශිව දේවාලය ඉදි කළ බවට සාක්ෂි හමුවේ.

ශිව දේවාලය VI

පිටත නගරයේ උතුරු ද්වාරය ආසන්නයේ, විෂ්ණු හා ගණපති දේවාල සමීපයේ මෙම ශිව දේවාලය ඉදිකොට තිබේ.

මූලාශ්‍ර

  1. "ශිව දේවාලය (අංක 2)". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2015.
  2. "පොළොන්නරුව සිව දේවාලේ 7". ලංකාප්‍රදීප. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2023.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොළොන්නරුව ශිව දේවාල පිළිබඳ තොරතුරු, පොළොන්නරුව ශිව දේවාල යනු කුමක්ද? පොළොන්නරුව ශිව දේවාල යනු කුමක් දර්ශනය කරන්නේ?