බංග්ලාදේශ-ශ්‍රී ලංකා සබඳතා

වර්ථමානයේ දී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවයකි. ශ්‍රී ලංකාව තුල බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය කොළඹ නගරය තුලත්, බංග්ලාදේශය තුල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඩකා අග නගරයතුලත් පිහිටුවා තිබෙයි.

බංග්ලාදේශ – ශ්‍රී ලාංකික සබඳතා

බංග්ලාදේශය

ශ්‍රී ලංකාව

ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉතා ගැඹුරු ඉතිහාසමය බැඳීමක් පවතී. පැරණි පාලි මූලාශ්‍ර වලට අනූව ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු මෙරටට පැමිණ ඇත්තේ වර්ථමාන බංග්ලාදේශයේ පිහිටියා වූ වග රාජධානියේ සිට බව කියැවේ. මෑත කාලීනව බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් පවා වැඩමවා ඇත.

දෙරට අතර මෑත රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගෙන්නේ 1972 වසරේ සිටයි. ශ්‍රී ලංකාව 1979 ජුනි වලදී බංග්ලාදේශය තුල මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවන ලදී.

සංචාර

1995 ජනවාරියේදී එවක බංග්ලාදේශ අගමැති වූ කලිඩා සියා ශ්‍රී ලංකාවේ සංචාරය කල අතර, එම වර්ෂයේම මාර්තු මසදී එකල ශ්‍රී ලංකා ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බංග්ලාදේශයේ නිල සංචාරයක් සිදු කලාය.

ආර්ථික සබඳතා

1977 පෙබරවාරියේදී දෙරට පොදු වෙළඳ එකඟතාවයකට පැමිණි අතර 1979 වසරේදී සංස්කෘතික, නාවුක, ආර්ථික සහ තාක්ෂණික යන අංශ වල ගිවිසුම් වලට එළැඹෙන ලදී. පසුව 1992 දී, වාණිජ ගුවන් සේවා ගිවිසුමක් හා 1985 දී, දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ඇතිකරගන්නා ලදී.

2008 අගෝස්තුවේ දී, දෙරට අතර වෙළඳාම සහ ආයෝජන තව දුරටත් උත්තේජනය කරවීමට නව ගුවන් මාර්ගයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවධානය යොමු කරන ලදී.

මීට අමතරව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3500 ක් පමණ හා ශ්‍රී ලාංකික ෙවෙද්‍ය සිසුන් 500 කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ වාසය කරයි.

ආරක්ෂක සබඳතා

දිගු කාලයක සිට බංග්ලාදේශ රජය, ශ්‍රී ලංකාවේ තෝරාගත් ආරක්ෂක නිලදාරීන්ට පුහුණුව ලබා දීම සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවෙන් කොටි ත්‍රස්තවාදය අතු ගා දැමීම පිළිබඳව බංග්ලාදේශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙරට රජයට සිය ප්‍රසාදයද පල කොට තිබෙයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://www.lankabizdirectory.com/useful-links-documents/sl-diplomatic-embassies.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 
  2. සංරක්ෂිත පිටපත, http://www.mea.gov.lk/index.php/en/missions/81-bangladesh/340-high-commission-of-the-democratic-socialist-republic-of-sri-lanka-dhaka-bangladesh-, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 
  3. සංරක්ෂිත පිටපත, http://www.bookrags.com/news/bangladesh-gives-holy-relic-to-sri-moc/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 
  4. සංරක්ෂිත පිටපත, http://www.slhcdhaka.org/slbd_relation.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 
  5. සංරක්ෂිත පිටපත, http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca200808/20080801new_air_links_between_sl_bangladesh.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 
  6. සංරක්ෂිත පිටපත, http://www.slhcdhaka.org/slbd_relation.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21 

භාහිර සබැදි


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බංග්ලාදේශ-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, බංග්ලාදේශ-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? බංග්ලාදේශ-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?