බණ්ඩාරගම

මුල් පිටුව | බණ්ඩාරගම

බණ්ඩාරගම, ශ්‍රී ලංකාවේ පිහිටි නගරයකි.

බස්නාහිර පළාතේ කොළඹ සිට කි.මි 27 ක් පමණ ගාල්ල දෙසට පැමිණි විට පානදුර හමුවන අතර ඉන් වමට හැරි A8 මාර්ගයේ (පානදුර - රත්නපුරය) තවත් කි.මි 9 ක් පමණ ගිය විට හමුවන හතරමං හන්දියකින් යුත් කුඩා නගරය බණ්ඩාරගම නගරයයි. බන්ඩාරගම ප්‍රාදේශීය සභාව පිහිටි මෙම නගරයේ ප්‍රසිද්ධතම පාසල වන්නෙ බන්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයයි. මිට අමතරව වික්‍රමශිලා පිරිවෙනත් පිහිටා ඇත. මං සන්දියේ සිට කොළඹටත් (කි.මි 23ක්) දෙසටත් පානදුරටත් (කි.මි 9ක්) හොරණටත් (කි.මි 10ක්) කලුතරටත් (කි.මි 17ක්) ආදි ලෙස මාර්ග විහිදි ඇත. පොලිසියක්, රොහලක්, තැපැල් හලක්, ඔසු සලක්, මහජන ක්‍රිඩාංගනයක් ආදි පොදු ගොඩනැගිලි වලින් සමන්විත මෙම නගරය කුඩා වැවකින්ද යුක්තය. පෞරාණික වශයෙන් වැදගත් වන මෙම නගරය ව්දාගම ඝනානන්ද පිරිවෙනද පිහිටා ඇත. අතිත රයිගම රාජධානියේ පිහිටි මෙම නගරය 2009 වසරෙදි හොදම නගර සභාවට හිමි සම්මානය ලබා ගත්තේය. බන්ඩාරගම සිට කලුතරටත්, කොළඹටත් පානදුරටත් ආදි වශයෙන් බස් රථ දාවනය වේ.

ඉතිහාසය

රයිගම් කෝරළයේ අධිකාරි පත්තුවට අයත්ය. රයිගම් රාධානියේ අගනුවර වූ රයිගම පැවතියේ මම පත්තුවේය. ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියන අධිකාරි පත්තුව, පතහාවත්ත රජමහා විහාරය (පැරණි රයිගම රජ මාලිගය) විදාගම මහා විහාරය, වෙද පංසල, රඹුක්කන රජමහා විහාරය, උයන්වත්ත වැව, වීදාගම වැව ආදී ඓතිහාසික ස්ථාන රාෂියකින් සමන්විතය.

විකිචාරිකා සතුව බණ්ඩාරගම සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.

ශ්‍රී ලංකාවේ ස්ථානයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බණ්ඩාරගම පිළිබඳ තොරතුරු, බණ්ඩාරගම යනු කුමක්ද? බණ්ඩාරගම යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.