ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
| පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකාව |
|---|---|
| අවසන් කළ දිනය | 1932 |
ඔරලෝසු කණුවෙහි ආකෘතිය
ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය සිහි ගන්වයි. ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරන ලද්දක් බැව් එහි දැක්වෙන පුවරුවක සටහන් කොට තිබෙයි.
ආශ්‍රිත
- "බදුල්ල ක්ලොක් ටවර්". මිනුබේ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බදුල්ල ඔරලෝසු කණුව පිළිබඳ තොරතුරු, බදුල්ල ඔරලෝසු කණුව යනු කුමක්ද? බදුල්ල ඔරලෝසු කණුව යනු කුමක් දර්ශනය කරන්නේ?