බඹරගල රජ මහා විහාරය

ගමන් විස්තරය

බඹරගල රජ මහා විහාරය නමින් ප්‍රසිද්ධව ඇති  විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන නගරයට පැමිණ එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විර විහාරයට යන මාර්ගය වම් පසින් හමුවේ. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කල විට බඹරගල රජමහා විහාරය හමුවේ.

ඓතිහාසික පසුබිම

බඹරගල විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසෙන් පසු මිහිඳු හිම්යන් ලංකාවට වැඩම කිරීමෙන් පසු ආරම්භ වෙයි. බෞද්ධ රජවරුන් මෙහි ආරාමයක් ඉදිකර ඇති අතර මෑතක දී බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමේ යෙදෙන පිරිසක් විසින් කිසිම සාධකයක් නැතුව මෙම ස්ථානය සිදුහත් කුමාර උත්පත්තිය සිදුවූ ලුම්බිණිය ලෙස මතයක් ගෙන යමින් සිටි.

ශිලා ලේඛන

ගුහා ලිපි කිහිපයක් මෙහිදී දැකගත හැකි අතර ඒ සියල්ල ක්‍රිපූ තුන්වන සියවසෙන් පසුව කළ ඒවා බව තහවුරු වී ඇත. Inscription of ceylon volume one වල මේ පිළිබඳ වැඩිදුර විස්තර ඇත.

ආරාම සැලැස්ම

බඹරගල විහාරය වේදිත පබ්බතය පාමුල පිහිටා ඇති නිසා විහාරයට ලගා වීමට උස් පඩිපෙලක් නැගීමට සිදුවේ. එහි බුදු මැදුර ලෙනක් තුල පිහිටා ඇති අතර එහි කටාරමේ පචින රජ පිළිබද සදහන් ශිලා ලේඛනය පවතී. විහාරය ඇතුලත සැතපෙන බුදු පිළිමවහන්සේ නමක් හා හිදි පිළිම ඇත. බුදු මැදුරෙහි තවත් කොටසක් ලෙනහි අනිත් පසින් වෙයි. සෙල්ලිපියේ කොටසක්ද ඇත්තේ පි‍ටුපසය. ලෙනෙහි පි‍ටුපසට යාමයට පඩිපෙලක් නැග යා යුතුය. කුඩා දාගැබ් වහන්සේ නමක් ඉදිකර ඇත.ඉන්ද්‍රසාල ලෙන හා අනිකුත් ලෙන් පර්වතය සමග පිහිටා ඇත.

වැදූ ලෙන

"ශ්‍රී ලංකා බිතුසිතුවම් බඹරගල" පොතේ 15 වැනි පිටුවෙහි, අතිරේක විහාර මන්දිරය තුල, අවධානයට ලක්වන ලක්ෂණ කිසිවෙක් නැතැයි සඳහන් කර ඇත. එහි බිත්ති සහ සිවිලිම සරසා බිතුසිතුවම් ඇත.

ඉන්ද්‍රසාල ලෙන

විහාරයේ ඉහලට යත්ම හමුවන වෙදියක පබ්බතයේ ලෙන පිහිටා ඇත. එහි ඉන්ද්‍රසාල ලෙන ලෙස සඳහන් ක්‍රිපූ තුන්වන සියවසෙන් පසු යුගයක කරවූ ශිලා ලේඛය ඇත. එම ලේඛනය Inscriptions of Ceylon ග්‍රන්ථයේ අන්තර්ගතය.

ශිලා ලේඛන

ඉදශල ගුහ ශගශ

ඉන්ද්‍රසාල ගුහාව සංඝයාට (Inscriptions of Ceylon)

"පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති INSCRIPTION OF CEYLON. VOLUME I ග්‍රන්ථයේ පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ගුහාවක නමක් මේ ගුහාවට යොදා ඇතැයි සටහන් කර ඇත. ලංකාව පුරා මේ නම එනම් ඉන්දසාල සටහන් ගුහා කිහිපයක්ම දක්නට ලැබේ. රජගල පිහිටි ඉන්දසාල ගුහාව ඉන් ප්‍රකටය.

Ida – sala, cd.st.cave (skt. Indra – sala,p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (SeeIntroduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha)sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sanghaඅංක 817 යන ලිපියෙන් අපිටඉන්දසාල ගුහාව හමුවේ. වැඩි විස්තර සඳහා Archaeological Survey of Ceylon, AnnualReport, 1911

මුලාශ්‍ර

(1)පූජාවලිය - මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි

(2) http://www.sljaki.com/related/phelps-lumbini.html

(3)බුදුසරණ අන්තර්ජාල කලාපය (ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්‍රකට කථාහිටපු විදුහල්පති, ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමි)

(4)Inscriptions of Ceylon

(5) දීඝ නිකාය- සක්කපඤ්ඤ සූත්‍රය

(6)ධාතු වංශය - සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය

(7) සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමි

(8) බුදුන්ගේ දේශය-  හිරාන් ශෂී හේරත්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බඹරගල රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, බඹරගල රජ මහා විහාරය යනු කුමක්ද? බඹරගල රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?