බයිසැන්ටයින් අධිරාජ්‍යය

බයිසැන්ටයින් අධිරාජ්‍යය, කෙටියෙන් බයිසැන්ටියම, හා නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය යන නම් වලින් හැඳින්වෙන්නේ පුරාතන යුගයේ අවසාන භාගයේ සිට මධ්‍යතන යුගය දක්වා පැවතුනු රෝමානු අධිරාජ්‍යයේ නැගෙනහිර කොටස යි. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ දී බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳ වැටුන ද, බයිසැන්ටයින් අධිරාජ්‍යය තවත් වසර දහසක පමණ කාලයක් පැවතුනි. එහි අග නගරය වූයේ පෙරදී බයිසැන්ටියම ලෙස හැඳින්වූ කොන්ස්තන්තිනෝපලය විය. 1453 දී ඔටෝමාන් අධිරාජ්‍යය විසින් කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීමත් සමග බයිසැන්ටයින් අධිරාජ්‍යය බිඳ වැටුනි. බයිසැන්ටියම එකල මධ්‍යධරණී ප්‍රදේශයේ තිබූ ආර්ථික, සංස්කෘතික සහ යුධමය හැකියාවලින් බලවත්ම අධිරාජ්‍යය විය. "බයිසැන්ටයින් අධිරාජ්‍යය" සහ "නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය" යන යෙදුම් භාවිතයට ගැනීම ආරම්භ වූයේ එය බිඳ වැටීමෙන් පසුවයි. බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුවද, බයිසැන්ටියමේ පුරවැසියන් එය හැඳින්වූයේ "රෝමානු අධිරාජ්‍යය" ලෙස වන අතර, ඔවුන් තමන් "රෝමන්වරු" ලෙස හඳුන්වා ගත්හ. එහෙත් නූතන ඉතිහාසඥයන්, බයිසැන්ටියම සහ ඊට පෙර පැවති රෝමානු අධිරාජ්‍යය වෙනම අධිරාජයයන් දෙකක් ලෙස සළකයි.

  1. Treadgold 1997, පිටු අංකය: 137.
  2. Treadgold 1997, පිටු අංකය: 278.
  3. Treadgold 1997, පිටු අංකය: 236.
  4. Treadgold 1997, පිටු අංකය: 570.
බයිසැන්ටයින් අධිරාජ්‍යය

330–1453
ක්‍රි.ව. 555දී Justinian I යටතේ බයිසැන්ටයින් අධිරාජ්‍යය , its greatest extent since the fall of the Western Roman Empire, vassals shaded in pink
අගනුවරConstantinople (modern-day Istanbul)
පොදු භාෂාවන්ග්‍රීක
ආගම
Christianity (official)
ජාති නාම(ය)
  • Byzantine
  • Roman
රජයAutocracy
Notable emperors 
• 306–337
I වන කොන්ස්ටන්ටයින්
• 379–395
Theodosius I
• 408–450
Theodosius II
• 527–565
Justinian I
• 610–641
Heraclius
• 717–741
Leo III
• 976–1025
Basil II
• 1081–1118
Alexios I
• 1143–1180
Manuel I
• 1261–1282
Michael VIII
• 1449–1453
Constantine XI
ඓතිහාසික යුගයLate antiquity to Late Middle Ages
වර්ග ප්‍රමාණය
4572,350,000 km2 (910,000 sq mi)
5653,400,000 km2 (1,300,000 sq mi)
775880,000 km2 (340,000 sq mi)
10251,675,000 km2 (647,000 sq mi)
1320420,000 km2 (160,000 sq mi)
ජනගහණය
• 457
16,000,000
• 565
20,000,000
• 775
7,000,000
• 1025
12,000,000
• 1320
2,000,000
ව්‍යවහාර මුදලSolidus, denarius, and hyperpyron

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බයිසැන්ටයින් අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු, බයිසැන්ටයින් අධිරාජ්‍යය යනු කුමක්ද? බයිසැන්ටයින් අධිරාජ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?