බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරය (ජර්මන්: Ägyptisches Museum und Papyrussammlung) ලෝකයේ වඩාත් වැදගත් පුරාතන ඊජිප්තු පුරාවස්තූන් එකතු සඳහා නිවහන සපයයි. මෙම එකතුව න්‍යුවස් කෞතුකාගාරයේ කොටසකි.
ඉතිහාසය
කෞතුකාගාරය සම්භවය වූයේ 18වන සියවසේ ප්‍රෂියානු රජවරුන්ගේ රාජකීය කලා එකතුව ඇසුරෙනි.ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඩ්ට් විසින් ඊජිප්තු අංශයක් නිර්මාණය කළ යුතු බවට නිර්දේශ කළ අතර, 1828 IIIවන ෆ්‍රෙඩ්රික් විල්හෙල්ම් යටතේ පළමු පුරාවස්තු බර්ලිනයට රැගෙන එන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඒ වනවිටත් දැඩිව හානියට පත්ව තිබූ කෞතුකාගාරය නැගෙනහිර සහ බටහිර බර්ලිනය අතර බෙදා වෙන්කරන ලදී. නමුත් ජර්මනිය යළිඒකාබද්ධ කිරීමට පසුව එයයළි එකතු විය.
එකතුව
මෙහි එකතුවේ ඇතුළත් පුරාවස්තු අතර ක්‍රි.පූ. 4000 (පූර්වරාජවංශික යුගය) සිට රෝම පාලනය පැවති සමය දක්වා කාලයට අයත් අංග වේ. මින් බොහෝමයක් පුරාවස්තූන් අක්නාටන් (ක්‍රි.පූ. 1340 අවට) රාජ්‍ය සමයයට අයත් ය.
ප්‍රදර්ශනයට තබා ඇති වඩාත් සුප්‍රකටම කෞතුක භාණ්ඩය නම් හොඳින් සංරක්ෂිත සහ විචිත්‍රවත් නෙෆර්ටිටි රැජිනගේ වර්ණාලේපිත උඩුකය මූර්තියයි. 2005දී මෙහි එකතුව චාර්ලට්න්බර්ග් සිට ඇල්ටෙස් කෞතුකාගාරය වෙත ගෙනගිය අතර, 2009 ඔක්තෝබර් මස එය බර්ලිනයේ කෞතුකාගාර දූපතේ ප්‍රතිසංස්කරණය කළ නියුවස් කෞතුකාගාරයේ යළි තැන්ප්ත කෙරිණි.
මේවාත් බලන්න
- බර්ලින් ප්‍රාන්ත කෞතුකාගාර
- ඊජිප්තු කෞතුකාගාරය (කයිරෝවේ)
- ප්‍රධාන ඊජිප්තු කෞතුකාගාරය
- කාල් රිචඩ් ලේපසියස්
- බර්ලිනයේ කෞතුකාගාරය ලැයිස්තුව
- ටියුරින්හි ඊජිප්තු කෞතුකාගාරය
ගැලරිය
- බළලකු අතින් ගත් දැරියක සහ සිටගත් තරුණ ස්ත්‍රියක දැක්වෙන ප්‍රතිමා; 18වන රාජවංශය ක්‍රි.පූ. 1380 පමණ සහ 19වන රාජවංශය; අබුසිර් එල් මෙලෙක් සහ තීබන්
- Xවන ටොලමේයස් (රාජ්‍ය ක්‍රි.පූ. 110-88) රජුගේ ප්‍රතිමාවක හිසක්.
ආශ්‍රේයයන්
- "Egyptian Museum and Papyrus Collection". Encyclopaedia Britannica. සම්ප්‍රවේශය 24 April 2010.
- "Egyptian Museum and Papyrus Collection". Staatliche Museen zu Berlin. සම්ප්‍රවේශය 24 April 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරය යනු කුමක්ද? බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?