බලපිටිය

බලපිටිය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි කුඩා නගරයක් වේ. නගරය කොළඹ සිට කිලෝ මීටර 80ක් පමණ දුරින් පිහිටයි.

සංචාරක ආකර්ෂණ

  • මාදු ගඟ - මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවක් වේ. එහි ගං මෝය කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්ව පිහිටා ඇත. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළ වේ.
  • මාදු තෙත් බිම - බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි. ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත වේ.

06°16′N 80°02′E / 6.267°N 80.033°E / 6.267; 80.033

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බලපිටිය පිළිබඳ තොරතුරු, බලපිටිය යනු කුමක්ද? බලපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?