බහුවලයික ශ්‍රිත

මුල් පිටුව | බහුවලයික ශ්‍රිත

ගණිතයේ දී , බහුවලයික ශ්‍රිත, සාමාන්‍ය ත්‍රිකෝණමිතික හෝ චක්‍රීය ශ්‍රිතවලට සමාකාර වේ. මූලික බහුවලයික වනුයේ, ශ්‍රිත බහුවලයික සයිනය "sinh" හා බහුවලයික කෝසයිනය "cosh" වන අතර, ඒවා අනුසාරයෙන්, බහුවලයික ටැංජනය "tanh" ආදි අනෙකුත් ශ්‍රිත ව්‍යුත්පන්න වන්නේ, ත්‍රිකෝණමිතික ශ්‍රිත ව්‍යුත්පන්නයට ප්‍රතිසමතාවක් දක්වමිනි. ප්‍රතිලෝම බහුවලයික ශ්‍රිත වනුයේ, ප්‍රතිලෝම බහුවලයික සයිනය "arsinh" ("arcsinh" හෝ "asinh" යැයි ද කියති) ආදීය වෙති.

(cos t, sin t) ලක්ෂ්‍යයන් එක්ව ඒකක අරයක් සහිත වෘත්තයක් සදනවා මෙන්ම, (cosh t, sinh t) ලක්ෂ්‍යයන් එක්ව සමපාද බහුවලයක දකුණු කොටස සදයි. බහුවලයික ශ්‍රිතයන්, සමහරක් වැදගත් රේඛීය අවකල සමීකරණ වල විසඳුම්හි අපට හමුවන අතර, නිදසුන් වශයෙන් එල්ලෙන තන්තුවල හැඩය නිර්ණය කිරීම, දාම චක්‍ර සහ විද්‍යුත් චුම්භකත්වය, තාප සංක්‍රාමණය , තරල ගතිවිද්‍යාව හා විශේෂ සාපේක්ෂතාවාදය වැනි භෞතික විද්‍යා ක්ෂේත්‍රවල වැදගත් වන ලප්ලාස් සමීකරණය (කාටිසියානු ඛණ්ඩාංකවලදී) ආදිය දැක්විය හැක.

බහුවලයික කෝණ ලෙස කියනු ලබන තාත්වික විචල්‍ය සඳහා බහුවලයික ශ්‍රිත විසින් තාත්වික අගයක් ගනී. සංකීර්ණ විශ්ලේෂණයේදී ඒවා සරලව ඝාතීයවල පරිමේය ශ්‍රිතවන අතර එම නිසා භාගරූප ද වේ.

මෙවා හඳුන්වාදෙන ලද්දේ, 18වන සියවසෙහි ස්විස් ජාතික ගණිතඥ ජොහාන් හෙන්රිච් ලැම්බට් විසිනි.

සම්මත වීජීය ප්‍රකාශනයන්

බහුවලයික ශ්‍රිතයන් වනුයේ:

  • බහුවලයික සයිනය:
sinh⁡x=ex−e−x2=−isin⁡ix{\displaystyle \sinh x={\frac {e^{x}-e^{-x}}{2}}=-i\sin ix\!}
  • බහුවලයික කෝසයිනය:
cosh⁡x=ex+e−x2=cos⁡ix{\displaystyle \cosh x={\frac {e^{x}+e^{-x}}{2}}=\cos ix\!}
  • බහුවලයික ටෑංජනය:
tanh⁡x=sinh⁡xcosh⁡x=ex−e−x2ex+e−x2=ex−e−xex+e−x=e2x−1e2x+1=−itan⁡ix{\displaystyle \tanh x={\frac {\sinh x}{\cosh x}}={\frac {\frac {e^{x}-e^{-x}}{2}}{\frac {e^{x}+e^{-x}}{2}}}={\frac {e^{x}-e^{-x}}{e^{x}+e^{-x}}}={\frac {e^{2x}-1}{e^{2x}+1}}=-i\tan ix\!}
  • බහුවලයික කෝටෑංජනය:
coth⁡x=cosh⁡xsinh⁡x=ex+e−x2ex−e−x2=ex+e−xex−e−x=e2x+1e2x−1=icot⁡ix{\displaystyle \coth x={\frac {\cosh x}{\sinh x}}={\frac {\frac {e^{x}+e^{-x}}{2}}{\frac {e^{x}-e^{-x}}{2}}}={\frac {e^{x}+e^{-x}}{e^{x}-e^{-x}}}={\frac {e^{2x}+1}{e^{2x}-1}}=i\cot ix\!}
  • බහුවලයික සෙකැන්ට‍ය:
sech⁡x=1cosh⁡x=2ex+e−x=sec⁡ix{\displaystyle \operatorname {sech} x={\frac {1}{\cosh x}}={\frac {2}{e^{x}+e^{-x}}}=\sec {ix}\!}
  • බහුවලයික කෝසෙකෑන්ටය:
csch⁡x=1sinh⁡x=2ex−e−x=icscix{\displaystyle \operatorname {csch} x={\frac {1}{\sinh x}}={\frac {2}{e^{x}-e^{-x}}}=i\,\csc \,ix\!}

මෙහි i{\displaystyle i} යන ඒකක අතාත්විකය අර්ථ දැක්වෙනුයේ i2=−1{\displaystyle i^{2}=-1} ලෙසය.

ඉහත අර්ථදැක්වීම් වල සංකීර්ණ ආකාර ව්‍යුත්පන්න කෙරෙනුයේ ඉයුලර්ගේ සූත්‍රය අනුවය.

සම්මුති ප්‍රකාර, sinh2⁡x{\displaystyle \sinh ^{2}x} යන්නෙන් අදහස් කෙරෙනුයේ (sinh⁡x)2{\displaystyle (\sinh x)^{2}}, මිස sinh⁡(sinh⁡x){\displaystyle \sinh(\sinh x)} නොවන බව කරුණාවෙන් සලකන්න; අනෙකුත් බහුවලයික ශ්‍රිත සහ ධන දර්ශක සඳහාද මෙපරිද්දෙන්ම සලකන්න.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බහුවලයික ශ්‍රිත පිළිබඳ තොරතුරු, බහුවලයික ශ්‍රිත යනු කුමක්ද? බහුවලයික ශ්‍රිත යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.