බ්‍රැඩ්මන් වීරකෝන්

මුල් පිටුව | බ්‍රැඩ්මන් වීරකෝන්

දේශමාන්‍ය රොබින් බ්‍රැඩ්මන් වීරකෝන්, (1930 ඔක්තෝබර් 20 – 2025 ජූලි 7) යනු ශ්‍රී ලාංකික සිවිල් සේවකයෙකු වෙයි. ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස, ඔහු අඩ සියවසක කාලයක් තුළ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් නව දෙනෙකුට සේවය කළේය.

දේශමාන්‍ය

බ්‍රැඩ්මන් වීරකෝන්
Bradman Weerakoon
2007 වසරෙහි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා
උපත20 ඔක්තෝබර් 1930(1930-10-20)
කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
මියගිය දිනය7 ජූලි 2025 (වයස 94)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයලංකා විශ්වවිද්‍යාලය
මිචිගන් විශ්වවිද්‍යාලය
රැකියාවසිවිල් සේවකයා
ප්‍රධාන නිර්මාණ
Rendering Unto Caesar
Kalutara- An Odyssey
දරුවන්ඇසල වීරකෝන්

කළුතර සිරි කුරුස විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.  

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ. (අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය )

ඔහුගේ ‘Rendering Unto Caesar:  A Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka’ නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත.

එසේම 'Kalutara – An Odyssey' නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් කියවිය හැකිය.

අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වකවානුවේ ඔහු ලැබූ අත්දැකීම් අළලා අරලිය ගහ මැදුරේ ස්පන්දනය නම් කෘතිය රචනා කර ඇත.

පියා පොලිස් පරීක්ෂක එඩ්මන් වීරකෝන් වූ අතර මව ඊඩින් වීරකෝන් චිත්‍ර ගුරුවරියක් වූවාය.

මූලාශ්‍ර

  1. "බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 7 ජූලි 2025. සම්ප්‍රවේශය 14 ජූලි 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රැඩ්මන් වීරකෝන් පිළිබඳ තොරතුරු, බ්‍රැඩ්මන් වීරකෝන් යනු කුමක්ද? බ්‍රැඩ්මන් වීරකෝන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.