බිමල් ජයකොඩි

ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි (උපත: ජුනි 21), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඉතා බහුවිධ නළුවෙකු වන ජයකොඩි බොහෝ නාට්‍යමය චරිත සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර චිත්‍රපට උළෙලවල සම්මාන නාමයෝජනා සඳහා බොහෝ අවස්ථාවල ලක්විය.

බිමල් ජයකොඩි
Bimal Jayakody
උපත
ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි

21 ජූනි 1978 (age 45)
වෘත්තියsනළුවා, ගායකයා
සක්‍රීය වසර2000–වර්තමාන
Spouseසුජානි මේනකා (m. 2007)
ඥාතීන්ගීතා කාන්ති ජයකොඩි (නැන්දා)
රත්න ලාලනී ජයකොඩි (නැන්දා)
සම්පත් තෙන්නකෝන් (මාමා)
පබෝදා සංදීපනී (ඥාති සහෝදරිය)

Personal life

ජයකොඩි පවුලේ වැඩිමලා ලෙස උපත ලැබූ අතර, ඔහුගේ පියා ප්‍රාදේශීය දේශපාලනඥයකු මෙන්ම නළුවකු ද වේ. ඔහුගේ සහෝදරයා සංගීතඥයෙක්. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් ද වන ඔහුගේ බිරිඳ සුජානි මේනකා ඔහුට මුණගැසුණේ 2000 වසරේ “රම්‍යා සුරම්‍යා” ටෙලි නාට්‍යයේදීය. They married in 2007

ඔහුගේ පියාගේ සහෝදරියන් දෙදෙනා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්න ලාලනී ජයකොඩි ද ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ සම්මානනීය නිළියන් වේ. ජනප්‍රිය නිළි පබෝදා සංදීපනී ගීතා කාන්තිගේ දියණියයි. රත්න ලාලනී විවාහ වී සිටියේ නළුවෙකු වන සම්පත් තෙන්නකෝන් සමඟයි.

පෞද්ගලික ජීවිතය

ජයකොඩි ප්‍රධාන වශයෙන්ම රූපවාහිනී නළුවෙකි, ඔහු විවිධ මාදිලියේ රූපවාහිනී කතාමාලා රාශියකට දායක විය. රූපවාහිනිය හැරුණු විට ඔහු "අපහු එන්න බා" වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද රඟපෑවේය.

ජයකොඩි සිය සිනමා දිවිය ආරම්භ කළේ 2006 වසරේදී සුළු චරිතයක් වුවද "අලි පැටියෝ ඔයයි මමයි" චිත්‍රපටියෙනි. ඉන් පසුව ඔහු සිනමාවේ ‘‘සංක්‍රාන්ති’’, ‘‘ගාමණී’’, ‘‘අබා’’, ‘‘සිරි පැරකුම්’’, ‘‘සක්කරං’’ වැනි අවස්ථා රැසක ප‍්‍රමුඛ සහ විචාරක පැසසුමට ලක්වූ චරිත රාශියක රඟපෑවේය. 2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන "හෙටවත් මත ආදරය කරන්න" හි රඟපෑවේය. මෙම චිත්‍රපටය 2008 පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ Dialog Television හි Citi Hitz Satellite චිත්‍රපට නාලිකාව හරහා විකාශය විය.

ගායන දිවිය

ජයකොඩි 2014 දී ඔහුගේ පළමු ගීතය "ඔබ ආයේ දවස" නිකුත් කළේය.

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටිය චරිතය කරුණු
2006 අලි පැටියෝ ඔයයි මමයි
2007 සංක්‍රාන්ති
2008 අබා
2008 පුතුනි හඹා ගියා'
2009 පායා එන්න හිරුසේ
2010 ඉර හඳ ඉල්ලා
2010 ස්තූතියි නැවත එන්න
2010 බඹර වලල්ල
2011 මහින්දාගමනය දික්කඳ සෙනවි
2014 සිරි පැරකුම්
2015 ඇඩ්‍රස් නෑ පොලිස් පරීක්ෂක
2016 සක්කාරං සුභේ
2016 ආදරණීය කතාවක් උවිඳු

ටෙලිනාට්‍යය

  • අමා
  • ආලියා
  • ඇහිපිල්ලමක් යට
  • තබපාට හැන්දෑව
  • දෙගං මැදියාව
  • පබළු
  • පැනි කුරුල්ලෝ
  • මිහිඳුම් සෙවණැලි
  • යකඩ දෝලී
  • රම්‍ය සුරම්‍ය
  • රැල්ල වෙරලට ආදරෙයි
  • වරාමලී
  • විසුවියස් කදු පාමුල
  • සත් පතිනි
  • සිතින් සියවර
  • සී රජ
  • හුස්ම සහ ඔක්සිජන්

සම්මාන

ඔහු 2012 වසරේ රයිගම් ටෙලීස් හි හොඳම නළුවාට හිමි සම්මානය "සැනකෙළියයි මායා" චිත්‍රපටයේ රංගනය උදෙසා දිනා ගන්නා ලදි. ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයකදී හොඳම සහය නළුවා සඳහා ද නිර්දේශ වී ඇත.

රයිගම් ටෙලීස්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2012 සෙනකෙලියයි මායා හොඳම නළුවා දිනාගති

මූලාශ්‍ර

අවවාදයයි: "ජයකොඩි, බිමල්" පෙරනිමි සුබෙදුම් යතුර විසින් ‍පූර්ව පෙරනිමි සුබෙදුම් යතුර වූ "Jayakody, Bimal" අතික්‍රමණය කරයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිමල් ජයකොඩි පිළිබඳ තොරතුරු, බිමල් ජයකොඩි යනු කුමක්ද? බිමල් ජයකොඩි යනු කුමක් දර්ශනය කරන්නේ?