බීටා පරම්පරාව (ජෙන් බීටා ලෙසින් බොහෝවිට කෙටි කර දැක්වෙන) යනු, ඇල්ෆා පරම්පරාවට අනුප්රාප්තීය ජනවිකාස මුළනුවට යෝජිත නාමය වෙයි. මෙම නමෙහි වචන නිෂ්පාදනය කර ඇත්තේ අනාගතවාදී සහ ජනවිකාස විද්‍යාඥ මාර්ක් මැක්ක්රින්ඩ්ල් (ඇල්ෆා පරම්පරාව යන නමෙහි වචන නිෂ්පාදනය කර ඇත්තේද ඔහු විසින්මය) විසිනි.ඔහු විසින් මුළනුව අර්ථදක්වන්නේ 2025 වසරෙහි සිට 2039 වසර දක්වා කාලය තුල උපදින අයවළුන් ලෙසිනි. කෙසේවෙතත්, පරම්පරාවෙහි උපත් අවුරුදු පිළිබඳව පර්යේෂකයෝ පොදු සම්මුතියකට ඒළඹ නැත; කිසිම නිල කායයක් විසින් පරම්පරාවන්හී මායිම් තීරණය නොකරන බැවින්, අර්ථදැක්වීම් විචලනය විය හැක .
බීටා පරම්පරාව නම්කෙරෙනුයේ ග්‍රීක හෝඩියෙහි දෙවන අකුර අනුව යමිනි. මැක්ක්රින්ඩ්ල් බලාපොරොත්තු වන්නේ එහි සාමාජිකයන් ප්‍රාථමික වශයෙන් තරුණ සහස්ර වාර්ෂිකයන් සහ ඉසෙඩ් පරම්පරාවෙහි දරුවන් විය හැකි බවයි.
- "වෙල්කම් ජෙන් බීටා - මැක්ක්රින්ඩ්ල්". mccrindle.com.au (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-12-19. සම්ප්‍රවේශය 2025-02-27.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බීටා පරම්පරාව පිළිබඳ තොරතුරු, බීටා පරම්පරාව යනු කුමක්ද? බීටා පරම්පරාව යනු කුමක් දර්ශනය කරන්නේ?