බුදුවරු

සම්මා සම්බුදු

ථෙරවාදී බුදුදහම අනුව කල්ප ගණනාවක් පෙරැම් පිරීමෙන් අනතුරැව, තමා විසින්ම සත්‍යය අවබෝධ කරගෙන සංසාර චක්‍රයෙන් මිදී අනෙක් සත්තවයන්ටද දුකින් මිදී විමුක්තිය ලබා ගැනිමට මග පෙන්වන්නා සම්මා සම්බුද්ධ නම් වේ.

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පහළ වන බුදුන්ගේ කෙනෙක් වන අතර උන්වහන්සේ නිර්වාණය අවබෝධ කර ගත හැකි ‍මග දේශනා කළ සේක.

පසේබුදු

වතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගත් නමුත් එය අන්අයට පහදා දීමට අසමත් අය පසේ බුදු හෙවත් පචේක බුද්ධ නම් වේ. ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන්වහන්සේ මෙලොව පහළ වු එකම බුදුරජාණන් වහන්සේ නොවන බව සියලුම බෞද්ධයෝ පිළිගනිති. අතීතයේ බුදුරජාණන්වහන්සේලා බොහෝ ගණනක් වැඩ සිටි අතර අනාගතයේද බුදුරජාණන්වහන්සේලා පහල විමට නියමිත.

රහත්බුදු හෙවත් රහතුන්

පහලවූ බුද්ධ සාශනයකදී ධර්මය අසා නිවාරණ අවබෝධ කරගත් තැනැත්තා අර්හත් නම් වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුදුවරු පිළිබඳ තොරතුරු, බුදුවරු යනු කුමක්ද? බුදුවරු යනු කුමක් දර්ශනය කරන්නේ?