බුලත්

Betel
A Piper betle leaf
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiospermae
(ශ්‍රේණිගත නොකළ): Magnoliidae
ගෝත්‍රය: Piperales
කුලය: Piperaceae
ගණය: 'Piper'
විශේෂය: ''P. betle''
ද්වීපද නාමය
Piper betle
L.

බුලත් වැලක් වන අතර ගම්මිරිස් සහ කොවා ඇතුළත් වන පයිපෙරසී ( Piperaceae)පවුලට අයත්වේ.බුලත් කොළ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල සමහර ආසියානු සංක්‍රමණිකයන් විසින්ය.බුලත් විටක් ලෙස භාවිතා කරනු ලබන අතර ඒ සඳහා පුවක්, දුන්කොළ මෙන්ම හුණුද භාවිතා කරයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව බුලත් කොළ පිරිනමනු ලබන්නේ ගෞරවය සහ සුබ ආරම්භය යන්න හැගවීම සඳහාය.

මංගල උත්සවවලදී, වැඩිහිටියන්ට ආචාර කිරීම, අලුත් අවුරුද්ද සැමරීම සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට සහ ජ්‍යෝතිෂ්‍ය වේදීන්ට ගෙවීම් කිරීම වැනි අවස්ථා වලදී පිරිනමනු ලබයි.බුලත් ආරම්භ වූයේ දකුණු හා ගිනිකොනදිග ආසියාවේ ය.

නිරුක්තිය

බුලත් යන්න (දෙමළ / මලයාලම්) වෙටිලා යන වචනයෙන් උපුටා ගන්නා ලද අතර ඒ සඳහා පෘතුගීසි බලපෑමක්ද තිබේ.

වගාව


බුලත් කොළ වැඩි වශයෙන් දකුණු හා ගිනිකොනදිග ආසියාවේ, පාකිස්තානයේ සිට පැපුවා නිව්ගිනියාව දක්වා වගා කෙරේ.

භාවිතය සහ සංස්කෘතික වැදගත්කම

බුලත් කොළ වල මූලික භාවිතය වන්නේ රසය එකතු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන පුවක් හෝ දුම්කොළ සමඟ එතීමෙනි.භාවිතවන කොටස් ගතහොත් සම්පූර්ණවැල, කොළ, මුල් සහ පුෂ්ප මංජරිය යනාදියවේ.ඖෂධයක් ලෙස භාවිතවන කොටස් ගතහොත් කොළ, කොළ යුෂ සහ කොළ තෙල් යනාදියවේ.

ඓතිහාසික නියෝජනයන්
බුලත් බෑගය, නිව් ගිනියාව, දහනව වන සියවස. 
විලියම් ඇලෙක්සැන්ඩර්, චීන බුලත් අළෙවිකරුවෙක්, 1793-1794, මුද්‍රණ හා චිත්‍ර සටහන් ජාතික කලාභවන, වොෂිංටන්. 

සෞඛ්‍යමය බලපෑම්

ආර්ථිකමය වශයෙන් වැදගත්කම

ආශ්‍රිත

  1. "Betel-leaf farming in coastal area". Dawn. 13 May 2002. සම්ප්‍රවේශය 26 December 2019.
  2. Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN 9555900434.[permanent dead link]
  3. Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN 9555900434.[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුලත් පිළිබඳ තොරතුරු, බුලත් යනු කුමක්ද? බුලත් යනු කුමක් දර්ශනය කරන්නේ?