බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද පැරණිතම පාලමක් ලෙස සැළකේ.[තහවුරු කර නොමැත] පාලම, බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 13 ක් දකුණු දිගින් පිහිටා ඇත. පාලමේ කොටස් එකිනෙක සම්බන්ධ කරන ඇණ ඇතුළුව එහි සියළුම කොටස් දැවයෙන් නිර්මාණය කොට තිබේ. එහි වහලයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. අතීත බදුල්ල හා මහනුවර මං යා කරමින්, පාලම ගල්ලන්ද ඔය හරහා නිර්මිතය.

බෝගොඩ ලී පාලම
ඛණ්ඩාංක7°00′28″N 80°59′47″E / 7.007891°N 80.996286°E / 7.007891; 80.996286
OS grid reference[1]
Crossesගල්ලන්ද ඔය
ස්ථානයබෝගොඩ, බදුල්ල
Characteristics
ද්‍රව්‍යදැව
සම්පූර්ණ දිගමීටර 15
පළලමීටර 1.5
Location

පාලම

වසර 400කටත් වඩා පැරණි මෙම පාලම සම්පූර්ණ වශයෙන් දැවයෙන් නිමවා තිබෙන අතර පාලම තැනීමට යොදාගෙන ඇත්තේ එක් ගසක් පමණක් යැයි පැවසේ.[තහවුරු කර නොමැත] මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වේ. මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් නිර්මාණය කොට තිබීම බෝගොඩ පාලමෙහි සුවිශේෂත්වය වැඩිකිරීමට හේතු සාධක වී තිබේ. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකෘත කොට තිබේ. මීටර 11 ක උසකින් යුතු විශාල දැව කඳක් මත පාළම පිහිටුවා තිබේ.මෙම පාලම සැකසීමට කොස් හා කුඹුක් දැව භාවිත කර ඇත.තවද මෙහි කොටස් සම්බන්ධ කිරීමට ලී ඇණ භාවිතකර ඇත. එසේම මෙහි කැටයම් සදහා කළුවර හා මිල්ල දැව භාවිත කර ඇත.

ගැලරිය

මේවාද බලන්න

  • බෝගොඩ රජ මහා විහාරය
  • ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෝගොඩ ලී පාලම පිළිබඳ තොරතුරු, බෝගොඩ ලී පාලම යනු කුමක්ද? බෝගොඩ ලී පාලම යනු කුමක් දර්ශනය කරන්නේ?