භූගෝල විද්‍යාව තුළින් අනෙක් සියලු ම විෂයයන්ගේ වර්ධනය අධ්‍යයනය කරමින් ද පරිගණක තාක්ෂණයේ මහානිශංශ භුක්ති විඳිමින් ද සමස්ත විශ්වයේ යහ පැවැත්ම උදෙසා නිර්මාණය වූ ආශ්චර්යමත් තාක්ෂණික මෙවලම භුගෝලීය තොරතුරු පද්ධතියයි
භූගෝල විද්‍යා තොරතුරු වර්ග දෙකකි.
- ස්ථානීය තොරතුරු
- විස්තරාත්මක තොරතුරු
භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියක මූලික කාර්ය 2 කි.
- භූමියෙහි තොරතුරු (අංග ලක්ෂණ) ඉදිරිපත් කිරීම (අනුදැක්වීම)
සිතියම්, චන්ද්‍රිකා ඡායාරූප සහ ගුවන් ඡායාරූපවලින් විශ්වයෙහි තොරතුරු රූපාකාරයෙන් අනුදැක්වීම සිදු කෙරේ. මෙහිදී ස්ථානීය සම්බන්ධය (Spatial Reference) සහ නිවැරදි පරිමාණයකින් ඉදිරිපත් කිරීම ඉතා ම වැදගත් ය.
- තොරතුරු සම්බන්ධ කිරීම
සිතියමක සඳහන් වන අංග ලක්ෂණවලට අදාළ දත්ත අඩංගු කර දත්ත පද්ධතියක් නිර්මාණය කර සිතියම හා දත්ත පද්ධතිය අතර සම්බන්ධතාව ඇති කිරීම භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියෙන් සිදු වේ.
විශ්වයේ සිදුවන වෙනස්වීම් මුද්‍රිත සිතියමක දැක්විය නොහැක. භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය එම අපහසුතාවය ජයගෙන ඇත. දත්ත පද්ධතිය යාවත් කාලීන කිරීමෙන් සිතියම වෙනස් කර ගනී.
මූලාශ්‍ර
- භුගෝලීය තොරතුරු පද්ධති
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ තොරතුරු, භූගෝලීය තොරතුරු පද්ධති යනු කුමක්ද? භූගෝලීය තොරතුරු පද්ධති යනු කුමක් දර්ශනය කරන්නේ?