මත්ස්‍ය රාජධානිය

මත්ස්‍ය රාජධානිය (ක්‍රි.පූ. 300-700) යනු ක්‍රි.පූ. 6වන සියවසට අයත් බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය සහ හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතය තුළ සඳහන් වන පුරාතන ඉන්දියානු සොළොස් (දහසය) මහාජනපදවලින් එකකි. වර්තමාන රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් දිස්ත්‍රික්කයේ උතුරු පෙදෙසෙහි වූ විරාත්නගර් මෙහි අගනුවර විය. මෙයට උතුරින් සහ නැගෙනහිරින් පිළිවෙලින් කුරු සහ සූරසේන මහාජනපද පිහිටා තිබිණි.

මත්ස්‍ය රාජධානිය
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති මත්ස්‍ය රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරවිරාත්නාගරී (වර්තමාන විරාත්නගර්)
පොදු භාෂා(ව)සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගන
රජයරාජාණ්ඩුව
මහාරාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව (රාජස්ථාන් ප්‍රාන්තයේ ඊසානදිග පෙදෙස)

වර්තමාන ‍යුගයට අයත්, මත්ස්‍ය එක්සත් ජනපද වනාහි 1947 සිට 1949 දක්වා පැවති තාවකාලික කුමාර රාජ්‍ය 4ක සන්ධානයකි. මෙයට භාරත්පූර්, ඪෝල්පූර්, අල්වාර් සහ කරෞලි යන රාජ්‍ය සතර අයත් විය.

ආශ්‍රේයයන්

  1. Malik, Dr Malti (2016). History of India (ඉංග්‍රීසි බසින්). New Saraswati House India Pvt Ltd. p. 52-53. ISBN 978-81-7335-498-4.
  2. "Integration of Rajasthan". Rajasthan Legislative Assembly website. සම්ප්‍රවේශය 2009-06-04.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මත්ස්‍ය රාජධානිය පිළිබඳ තොරතුරු, මත්ස්‍ය රාජධානිය යනු කුමක්ද? මත්ස්‍ය රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?