මතකය යනු තොරතුරු කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන මනසට අයත් ඉන්ද්රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර limbic පද්ධති වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාරණය කර තබාගනී. අපට අතීත සිද්ධි මතක තබා ගැනීමට නොහැකි වූයේ නම්, අපට ඉගෙනීමට හෝ භාෂා, සම්බන්ධතා හෝ පෞද්ගලික අනන්‍යතා කිසිවක් ගොඩනැගීමට නොහැකි වනු ඇත (අයිසෙන්ක්, 2012).
බොහෝ විට මතකය හඳුනා ගැනෙන්නේ ව්‍යක්ත සහ ව්‍යංග්‍ය ක්රියාකාරීත්වයක් සහිත, සංවේදන ප්රතිග්රාහකයක්, කෙටි-කාලීන (හෝ ක්‍රියාකාරී) මතකයක්, සහ දිගු-කාලීන මතකයකින් සෑදී ඇති තොරතුරු සැකසීමේ පද්ධතියක් ලෙසිනි (බැඩ්ලි, 2007).
මූලාශ්‍ර
- ලෝරාලී ෂර්වුඩ් (2015 ජනවාරි 1). හියුමන් ෆිසියොලොජි: ෆ්‍රොම් සෙල්ස් ටු සිස්ටම්ස්. සෙන්ගේජ් ලර්නිං. pp. 157–162. ISBN 978-1-305-44551-2.
{{cite book}}: Check date values in:|date=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මතකය පිළිබඳ තොරතුරු, මතකය යනු කුමක්ද? මතකය යනු කුමක් දර්ශනය කරන්නේ?