මයිනා

මයිනා (acridotheres tristis) sturnidae පවුලට අයත් කුරුල්ලෙක් ය. සර්ව භක්ෂකයෙකු වන මොවුන් ආසියාවට ආවේණික සත්ත්ව විශේෂයකි. මයිනන් නාගරික පරසරයට හොඳින් අනුවර්තනය වී ඇත.

මයිනා
Kokrebellur, India

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Sturnidae
ගණය: Acridotheres
විශේෂය: ''A. tristis''
ද්වීපද නාමය
Acridotheres tristis
(Linnaeus, 1766)
Subspecies

Acridotheres tristis melanosternus
Acridotheres tristis tristis

Native distribution in blue, introduced in red
Synonyms

Paradisaea tristis Linnaeus, 1766

මෙම විශේෂය 1816 දී ප්‍රංශ පක්ෂි විද්‍යාඥයෙකු වූ Louis Jean Pierre Vieillot විසින් හඳුන්වා දුන් ඇක්‍රිඩෝතෙරස් කුලයට අයත් වේ.

      මයිනන්ගේ උප විශේෂ දෙකක් හඳුනාගෙන ඇත.

1.ඉන්දියානු මයිනා

2.ශ්‍රී ලංකා මයිනා

ශ්‍රී ලාංකික උප විශේෂයක් වන මෙලනොස්ටර්නස් ඉන්දියානු උප විශේෂවලට වඩා අඳුරු පැහැ වන අතර අර්ධ කළු සහ අර්ධ සුදු ප්‍රාථමික ආවරණ සහ කම්මුලේ කහ පැහැ ලපයක් ඇත.

මොවුන් සාමාන්‍යයෙන් යුගල වශයෙන් ජීවත් වේ.මයිනන් කොට්ටෝරුවන් විසින් හාරන ගස්බෙන අයිති කරගෙන ඒවායෙහි ජීවත් වේ.මොවුන් ඉතාමත් සමාජශීලි වන අතර මිනිසුන් සමඟ ඉක්මනින් මිතුරු වෙයි.

         මයිනන් විලෝපිකයන් පැමිණිවිට අනිත් කුරුල්ලන්ට අනතුරු හඟවයි.

මයිනන්ගේ සාමාන්‍යයෙන් පිරිමි සතෙක් ග්‍රෑම් 109.8ක් පමණ බරවන අතර ගැහැණු සතෙක් ග්‍රෑම් 120-138 අතර බරකින් යුක්ත වේ.

සටහන්

මූලාශ්‍ර

  1. BirdLife International (2017). "Acridotheres tristis". IUCN Red List of Threatened Species. 2017: e.T22710921A111063735. doi:10.2305/IUCN.UK.2017-1.RLTS.T22710921A111063735.en. සම්ප්‍රවේශය 12 November 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මයිනා පිළිබඳ තොරතුරු, මයිනා යනු කුමක්ද? මයිනා යනු කුමක් දර්ශනය කරන්නේ?