මයෝකාඩියම

මයෝකාඩියම (ඉංග්‍රීසි:  Myocardium) යනු හෘත් බිත්තියේ ස්තර තුනෙන් (3) එකකි.

Cardiac muscle
තොරතුරු
ලතින්Textus muscularis striatus cardiacus
කොටසක්Myocardium of the heart
හඳුන්වනයන්
TAA12.1.06.001
FMA9462
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

හෘද බිත්තියේ මධ්‍ය ස්තරය මයෝකාඩියම නම්වේ. මෙය හෘත් පේශියයි. මෙය කොලැජන් සැකිල්ලකින් වටවූ අනිච්ඡානුග විලිඛිත පේශි පටකයකි. මෙම හෘත් පේශි රටාව දර්ශනීය සහ සංකීර්ණ ය. පේශි සෛල හෘදයේ කුටීර වටා සුළි ලෙස සර්පිලාකාරව සකස්වන අතර, පිටත පේශි කර්ණිකා ව‍ටා සහ මහා රුධිර වාහිනීවල පාදම වටා 8 ඉලක්කමේ හැඩයට සකස් වී ඇත. ඇතුළු පේශි ද කෝෂිකා දෙක වටා 8 ඉලක්කමේ ආකාරයට සකස් වී අග්‍රය දෙසට යොමුවී ඇත. මෙම සංකීර්ණ සුළි ආකාර රටාව හේතුවෙන් හෘදයට රුධිරය වඩාත් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකියාව ලැබී ඇත.


මෙය හෘදයේ පමණක් දක්නට ලැබෙන හෘත් පේශි වලින් තැනී ඇත. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය සඳහා වැදගත් වනවිශේෂිත වූ සන්නයන සන්නයනය තන්තු සහිත ජාලයක් ද myocardium හරහා දිව යයි.

මූලාශ්‍ර

  1. බෙට්ස්, ජේ. ගොර්ඩ්න් (2013). ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි. pp. 787–846. ISBN 1-938168-13-5. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මයෝකාඩියම පිළිබඳ තොරතුරු, මයෝකාඩියම යනු කුමක්ද? මයෝකාඩියම යනු කුමක් දර්ශනය කරන්නේ?