මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල පිහිටි බෞද්ධ කාන්තා පාසලක්.
| මලියදේව බාලිකා විද්‍යාලය | |
|---|---|
|
| |
| පිහිටීම | |
| Coordinates | 7°29′14″N 80°21′35″E / 7.48722°N 80.35972°E / 7.48722; 80.35972Coordinates: 7°29′14″N 80°21′35″E / 7.48722°N 80.35972°E / 7.48722; 80.35972 |
| තොරතුරු | |
| වර්ගය | රජයේ පාසල |
| ආරම්භය | ජූලි 1946 |
| නිර්මාතෘ | C. E. V. ෆර්නැන්ඩො |
| විදුහල්පති | නිරෝධා අබේවික්‍රම |
| ශ්‍රේණි | පංති 1 සිට 13 දක්වා |
| ගැහැණු/පිරිමි | ගැහැණු |
| වයස් පරාසය | 6 සිට 19 දක්වා |
| ඇතුලත්වීම් | 6000 |
| වර්ණ | කොල සහ කහ |
ඉතිහාසය
1946 ජූලි 1 වන දින ගුරුවරු දෙදෙනෙක් ගෙන් හා සිසුහු 69 දෙනෙක්ගෙන් ආරම්බ කල මෙම පාසලේ වැඩබලන විදුහල්පති වශයෙන් කටයුතු කලේ C. E. V ෆර්නැන්ඩෝ.
ආරම්බයේදී මලියදේව පාසල මිශ්‍ර පාසලක් වූ අතර එය මුලින්ම 1888දි පිහිටියේ කුරුණෑගල බෝධිරාජ මාවතෙයි.පසුව එය ඇත්කද විහාර භූමියට ගෙන යන ලදී.
1928 දි මලියදේව විද්‍යාලය පිහිටි වර්තමාන ස්ථානය වන මිගමුව පාරට ගෙන යන ලදී. මෙම ඉඩම් භුමියේ අයිති කරුවා වුයේ ගොඩ්ප්රි මඩවල මහතායි.1938දි සර් ජෝන් කොතලාවල මැති තුමාගේ උදව්වෙන් මලියදේව පාසල මිශ්‍ර පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී. මෙම වකවානුවෙහි කුරුනෑගල නගරයෙහි බෞද්ධ බාලිකා පාසලක් පිහිටියේ නැත.
දෙවැනි ලෝක යුද්ද සමයේ යුදමය කටයුතු සදහා පාසල් භුමිය හා ගොඩනැගිල්ල යුද්ද හමුදාව බාරයට ගැනිණි.මෙම නිසා පාසල මුලින් තිබු ස්ථානය වූ ඇත්කද විහාර භූමියට නැවත ගෙන ගියේය. 1944 දි මලියදේව පාසලේ ප්‍රාථමික අංශය කුරුනෑගල-කොළඹ මාවතෙහි භූමියකට රැගෙන යන ලදී. පසුව මෙය මලියදේව බාලිකා විද්‍යාලය බවට පත්විය.
මේ වන විට මලියදේව බාලිකා විද්‍යාලය පවිතන ඉඩම සර් ජෝන් කොතලාවල මැති තුමා තරුණ බෞද්ධ සමිතියේ සභාපතිව සිටි කාලයේ මිලිදිගත් එකකි.පසුව එය පාසල ඉදිකිරීම වෙනුවෙන් භුමියේ අයිතිය රජයට පවරන ලදී.1946 ජූලි 1 වන දින ගුරුවරු දෙදෙනෙක් ගෙන් හා සිසුහු 69 දෙනෙක්ගෙන් ආරම්බ කරන ලදී.
පිටත ලිපි
- Official Website of Maliyadeva Girls' College[භින්න වූ සබැඳිය]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මලියදේව බාලිකා විද්‍යාලය පිළිබඳ තොරතුරු, මලියදේව බාලිකා විද්‍යාලය යනු කුමක්ද? මලියදේව බාලිකා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?