මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල්වලින් එකක් ද වේ.
| මලියදේව විද්‍යාලය | |
|---|---|
ආදර්ශ පාඨය | |
| ස්ථානය | |
| ඛණ්ඩාංක | 7°29′14″N 80°21′34″E / 7.487357°N 80.359527°E |
| තොරතුරු | |
| වර්ගය | රජයට පවරාදුන් බෞද්ධ පාසලකි |
| ආදර්ශ පාඨය | විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි) (සිංහල පරිවර්තනය - දැණුම මිනිසාගේ ආභරණයයි) |
| ආරම්භ කලේ | ක්‍රි.ව. 1888 සැප්තැම්බර් 30 |
| ආදිකර්තෘ | හෙන්රි ස්ටීල් ඕල්කට් |
| විදුහල්පති | W.M.C.K.මහමිතව |
| කාර්ය මණ්ඩලය | 300+ |
| ශ්‍රේණි | පංති 1 - 13 |
| බාලක/බාලිකා | පිරිමි |
| Age | 6 to 19 |
| සිසුන් ගණන | 6000+ |
| Campus | අක්කර 16 |
| වර්ණ(ය) | නාවුක නිල්, රන් සහ ලේ රතු |
| Pupils | දේවන්ස් |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඉතිහාසය
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 16 වන දින බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. බිද වැටෙමින් පැවති බෞද්ධ සාරධර්ම යළි ඇති කරමින් බෞද්ධ අධ්‍යාපනයට පුනර්ජීවයක් ලැබීමට මහෝපකාරී වූයේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ වීමයි. එම සංගමය මගින් මුලින්ම ආරම්භ කරන ලද පරමවිඥානාර්ථ බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. එය 1886 ආරම්භ වූ අතර 1887 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයද 1888 දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරැණු අතර 1909 දී ඇත්කද රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදි. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ.
මලියදේව විද්‍යාලයේ අද දවස
කුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2020) සිසුන් 5000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර Mr.W.M.C.K.Mahamithawa විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 300 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි.2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය.
පාසැල් ගීය
- පායන සඳ අඹරේ ආ....
- පායන සඳ අඹරේ
- ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
- පාසල් මාතා අපේ ආ....
- පායන සඳ අඹරේ
- බේදා ආගම් කුළ මල ඈ
- නොතකා එක සේ සතර බෙදා //
- ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
- දත් මහ පඬුවන් බිහි කරවා
- දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
- පායන සඳ අඹරේ ආ....
- පායන සඳ අඹරේ
- ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
- පාසල් මාතා අපේ
නිවාස
විද්‍යාලීය සියලුම සිසුන් නිවාස හතරකට බෙදා ඇත. එම නිවාස වලට බෙදනුයේ විද්‍යාලයට සිසුවෙකු ඇතුලත් වන විට ලබාදෙන ඇතුලත් වීමේ අංකය හතරෙන් බෙදා ලැබෙන ශේෂය අනුව වර්ග කිරීමෙන්ය. Houses:
- – තිස්ස
- – ගැමුණු
- – පරාක්‍රම
- – රාජසිංහ
මෙම නිවාස වල නම් ශ්‍රීලංකාවේ පැරණි ශේෂ්ඨ රජවරැන්ගේ නම්ය. සෑම වසරකම විද්‍යාලයේ පවත්වනු ලබන විවිධ ක්‍රීඩා තරග වලින් ඉහලින්ම ජයග්‍රහණය ලබාගන්නා නිවාසයට නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ථ ජයග්‍රහණය හිමිවේ.
Battle of the Rocks
Battle of the Rocks (Maliyadeva vs St. Anne's), මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයයි. එක් දින ක්‍රිකට් තරගයක් ද පවත්වනු ලැබේ.මෙම ක්‍රිකට් තරගය කුරුණෑගල නගරයේ වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Clubs and societies
|
|
|
විදුහල්පති නාමාවලිය
| Name | Entered Office | Departed Office |
|---|---|---|
| Mr T.B Madawala | ||
| Mr W.G De Silva | ||
| Mr A.B.Arur | ||
| Mr U.B Wanninayaka | ||
| Mr D.B Dissanayake | ||
| Mr W.A Jayathilake | ||
| Mr M.B Pethiyagoda | ||
| Mr D.B Dissanayake | ||
| Mr G.M.K Pathiaja | ||
| Mr H.B Wijekoone | ||
| Mr B.G Chandrasekara | ||
| Mr A.M.B Aberathne | ||
| Mr A.V Ranasinghe | ||
| Mr S.M.J.B Senevirathne | ||
| Mr R.M.M Rathnayake | ||
| Mr R.M.C.P.K. Rathnayake | ||
| Mr Y.G Thilakarathne | ||
| Mr W.M. Saman Indrarathne | ||
| Mr.Ranjith Jayasundara | ||
| Mr.W.M.C.K.Mahamithawa | 2023 | Present |
විශේෂ ආදි සිසුන්
- Major General Sarath Munasinghe RWP,RSP,USP- Former Deputy Speaker of Parliament and Former Commander Security Forces Headquarter Jaffna.
- Major General Sunil Thennakoon - Former Commander Security Forces Headquarter Jaffna and Military Spokesman
- Major General Asoka Thoradeniya -Provost Marshal and Colonel Commandant of the Sri Lanka Corps of Military Police, Chairman of Srilanka Petrolium.
- Major General V.R De Sliva RSP,USP,NDU,IG-commissioner of prisons
- Major General Upali Edirisinghe -Commander Security Forces-Wanni
- Major General Daya Rathnayake RWP,RSP,USP,NDU,PSC-Formar Army Commander
- Group Captain Priyantha Gunasinghe RSP,MSC,PSC,QFI-Base Commander of Srilanka Air Force Anuradhapura.
- Mr. Lakshman Hulugalle - Director General, Media Centre for National Security – Sri Lanka.
- Mr.S.B Navinna-A Minister of Parliment.
- Mr. T.Bbvyaka - A Minister of Parliament.
- Mr Athula wejesinghe - Chief Minister of North Western Province Council
- Hon. Nimal Gamini Amaratunga - Supreme Court judge.
- Prof.Indrakeerthi Siraweera - Prominent historian and the Vice chancellor of Rajarata University of Sri Lanka.
- Mr.P.B Jyasundara-
- T.M. Jayarathne - A Prominent singer.
- Laksman Wijeseksre -A Prominent singer.
- Dr. Kamal Jayasinghe - Deputy Director, General Hospital(Teaching), Kurunegala, Sri Lanka.
- Mr. Chandra Jayasekera - A Prominent civil lawyer and president of the Bar Association of Kurunegala.
- Mr. G.B senanayake -A senior Lawyer and current president of the Bar Association of Kurunegala.
- Ranjith Madurusinghe - An International Test cricket player.
- Eric Upashantha - An International Test cricket player.
- Rangana Herath - Test Cricket captain.
- Jeewantha Kulathunga-International T20 Cricketer
- Wijaya kumaratunge who was navy officer consicrate his life on behalf of our mother land.(left school 1989)
ආශ්‍රිත ලිපි
- මලියදේව බාලිකා විද්‍යාලය
- මලියදේව ආදර්ශ විද්‍යාලය
- මලියදේව රහතන්වහන්සේ
අඩවියෙන් බැහැර පිටු
- | මලියදේව විද්‍යාලීය පාසල් ගීතය
- http://www.MaliyadevaArcheryClub/}}[permanent dead link]
- සංරක්ෂිත පිටපත, http://www.globe.gov/star/LK_Web_site_07?lang=ru&nav=1, ප්‍රතිෂ්ඨාපනය 2013-08-12
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මලියදේව විද්‍යාලය පිළිබඳ තොරතුරු, මලියදේව විද්‍යාලය යනු කුමක්ද? මලියදේව විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?