මහගොඩයාය සමූලඝාතනය

මහගොඩයාය සමූලඝාතනය යනු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් 2009 වර්ෂයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.

මහගොඩයාය සමූලඝාතනය
Mahagodayaya massacre
ස්ථානයමහගොඩයාය, ශ්‍රී ලංකාව
දිනය2009 අප්‍රියෙල් 12 (UTC+5:30)
ප්‍රහාර මාදිලියසමූලඝාතන
මරණ9 (සිංහල පිරිමින්, කාන්තාවන් සහ දරුවන්)
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම

මහගොඩයාය යනු මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලට ආසන්නව පිහිටි කුඩා ගම්මානයකි. 2009 අප්‍රියෙල් 12 වන දින, රාත්‍රී 7.30ට පමණ මෙම ගම්මානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, එහි විසූ සිංහල වැසියන් 9 දෙනෙකු ඝාතනය කරන ලදී. මිය ගිය අය අතර මාස 6 ක පමණ ළදරුවෙකු සහ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකුද විය. සිංහල දෙමළ අළුත් අවුරුද්ද උදා වීමට දින දෙකකට පෙරදී මෙම ප්‍රහාරය සිදුවිය.

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව

මූලාශ්‍ර

  1. "ටයිගර්ස් මැසක්‍රෙ 12 සිවිලියන්ස් ඉන් මොණරාගල", theisland.lk. Retrieved on 2009-05-17.
  2. "නම්බර් කිල්ඩ් ඇට් මහගොඩයාය ඉස් නයින්"[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහගොඩයාය සමූලඝාතනය පිළිබඳ තොරතුරු, මහගොඩයාය සමූලඝාතනය යනු කුමක්ද? මහගොඩයාය සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?