මහජන එක්සත් පෙරමුණ (1956)

මහජන එක්සත් පෙරමුණ යනු 1956 දී පිහිටුවාගන්නා ලද මැතිවරණ සංධානයකි. එය සමන්විත වූයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන විසින් නායකත්වය සැපයුණු විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය සහ විජයානන්ද දහනායක විසින් නායකත්වය සැපයුණු සිංහල භාෂා පෙරමුණ යන පක්ෂ වලිනි .

මහජන එත්සත් පෙරමුණ
ඉංග්‍රීසි නමMahajana Eksath Peramuna
නායකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
ආරම්භකඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
ආරම්භය1956
මැතිවරණ ලාංඡනය
අත

මෙම සන්ධානය විසින් 1956 මැතිවරණය ජයගෙන රජයක් පිහිටුවන ලදි.‍

1959 මැයි මසදී පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා රජයෙන් ඉල්ලා අස්වීමත් සමගම මඑපෙ සන්ධානය බිඳ වැටුණි. විලංසසප පක්ෂය විපක්ෂයට එක් විය.

1959දී පිලිප් ගුණවර්ධන විසින් මහජන එක්සත් පෙරමුණ‍ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමත් සමගින් මහජන එක්සත් පෙරමුණ යන නාමය නොනැසී පවත්වා ගෙන යන ලදි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහජන එක්සත් පෙරමුණ (1956) පිළිබඳ තොරතුරු, මහජන එක්සත් පෙරමුණ (1956) යනු කුමක්ද? මහජන එක්සත් පෙරමුණ (1956) යනු කුමක් දර්ශනය කරන්නේ?