මහා බලවතෙකු යනු තමන්ගේ බලපෑම් ගෝලීය මට්ටමෙන් එල්ල කල හැකි ජාතියක් හෝ රාජ්‍යයකි. මහා බලවතුන් හට ලාක්ෂණික වශයෙන් ආර්ථික, හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික, සහ සංස්කෘතික බලය සතු වන අතර, මේ නිසාවෙන් කුඩා රාජ්‍යයන් විසින් ස්වීය අභිලාෂයෙන් ක්‍රියාකිරීමට පෙර මහා බලවතුන්ගේ මතය විමසුමට හේතු කාරක විය හැක. අන්තර්-ජාතීය සබඳතා න්‍යායාචාරීන් විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට මහා බලවතෙකු යන තත්ත්වය විසින් බල හැකියාවන්, අවකාශමය දෘෂ්ඨිය, හා තත්ත්ව මානයන් යන ලක්ෂණ ඉස්මතු කල හැකිය. සමහර විට මහා බලවතෙකු යන තත්ත්වය වියනා සමුළුව වැන්නෙහිදී හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ජාත්‍යන්තර ව්‍යුහයන්හිදී උපචාරානුකූලව පිළිගැනෙයි.
"මහා බලවතා " යන පදය මුලින්ම භාවිතා වූයේ පශ්චාත්-නැපෝලියානු යුගය තුළදී යුරෝපයේ වඩාත්ම වැදගත් බලවතුන් නිරූපණය කිරීමටයි. ඉන් ඉක්බිතිව, ජාත්‍යන්තර බල තුලනය බොහෝ විට, මහත් ආශ්චර්යජනක ලෙසින් පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය තුළදී, මාරුවීම්වලට ලක් විය. සමහරක් ජාතීන් පුළුල් ලෙසින් මහා බලවතුන් ලෙසට සැලකෙන මුත්, මේ පිළිබඳව පැහැදිලි ලැයිස්තුවක් නොමැති අතර, දිගටම පැවතෙන විවාදයන්ට තෝතැන්නක් වෙයි.
සටහන්
| Great power |
"මහා බලවතා " යන පදය මුලින්ම භාවිතා වූයේ පශ්චාත්-නැපෝලියානු යුගය තුලදී යුරෝපයේ වඩාත්ම වැදගත් බලවතුන් නිරූපණය කිරීමටයි. ඉන් ඉක්බිතිව, ජාත්‍යන්තර බල තුලනය බොහෝ විටක්, මහත් ආශ්චර්යජනක ලෙසින් පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය තුලදී, මාරු වීම් වලට ලක් විය. සමහරක් ජාතීන් පුළුල් ලෙසින් මහා බලවතුන් ලෙසට සැලකෙන මුත්, මේ පිළිබඳව පැහැදිලි ලැයිස්තුවක් නොමැති අතර, දිගටම පැවතෙන විවාදයන්ට තෝතැන්නක් වෙයි.
ආශ්‍රිත
- වෙබ්ස්ටර්, චාර්ල්ස් කේ, ශ්‍රීමත් (සංස්), බ්‍රිටිෂ් ඩිප්ලොමසි 1813–1815: සිලෙක්ටඩ් ඩොකියුමන්ට්ස් ඩීලිං වික් ද රිකොන්සිලේෂන් ඔෆ් යුරප්, ජී බෙල් (1931), පිටුව307.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝක මහා බලවතා පිළිබඳ තොරතුරු, ලෝක මහා බලවතා යනු කුමක්ද? ලෝක මහා බලවතා යනු කුමක් දර්ශනය කරන්නේ?