මානෙල් වානගුරු

මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.

මානෙල් වානගුරු
Manel Wanaguru
උපත
මානෙල් චින්තාමනී වානගුරු

18 ඔක්තෝබර් 1951 (1951-10-18) (වයස 74)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිළිය
සක්‍රීය වසර1958–වර්තමාන
කලත්‍රයා(යන්)ආනන්ද වික්‍රමගේ (m. 1984)
දරුවන්2
දෙමව්පියන්

පෞද්ගලික ජීවිතය

මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි. ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.

මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.

වෘත්තීය ජීවිතය

ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.


ටෙලිනාට්‍යය

  • ගිරිකුල
  • පිනි
  • පුංචි වලව්ව
  • සඳ නොදුටු සඳ
  • සඳ පිනි බිඳක
  • සුරදූතියෝ

සම්මාන

දීපශිකා සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1974 කස්තුරි සුවඳ හොඳම රංගනය දිනාගති

සුමති සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2021 සිනමාවට දුන් දායකත්වය යූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය දිනාගති

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානෙල් වානගුරු පිළිබඳ තොරතුරු, මානෙල් වානගුරු යනු කුමක්ද? මානෙල් වානගුරු යනු කුමක් දර්ශනය කරන්නේ?