සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් ජනපද වෙතින් සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි අනෙකුත් භෞමික සන්තක ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලයෙහි (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි. එක් එක් ජනපදයට හිමි වරකයන් ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 වෙතින් නියම කෙරෙන අතර ඔහුන් තෝරා ගන්නේ කෙසේද යන්න ජනපද ව්‍යවස්ථාදායක තීරණය කරනු ඇත.
සටහන්
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 සහ විසි-තුන්වන සංශෝධනය පරිදී
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය) පිළිබඳ තොරතුරු, මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය) යනු කුමක්ද? මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය) යනු කුමක් දර්ශනය කරන්නේ?