මැනිතෝ

මැනිතෝ (/ˈmænɪθ/; Koinē Greek: Μανέθων Manéthōn, gen.: Μανέθωνος) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙලනිස්තික යුගයේ ටොලමයික රාජධානියේ සෙබෙනිටොස් (කොප්ටික්: Ϫⲉⲙⲛⲟⲩϯ, romanized: Čemnouti) ප්‍රදේශයේ විසූ ඊජිප්තු පූජකයෙකි. ඔහු විසින් ග්‍රීක බසින් රචනා කරන ලද ඊජිප්ටියකා (ඊජිප්තුවේ ඉතිහාසය) ග්‍රන්ථය පුරාතන ඊජිප්තු රජවරුන්ගේ රාජ්‍ය සමයයන් හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන කාලානුක්‍රම මූලාශ්‍රයක් ලෙස සැලකේ. කෙසේනමුත් ඔහු මෙම රාජාවලිය රචනා කරන ලද්දේ ටොලමි I සෝටර් සහ ටොලමි II ෆිලඩෙල්ෆෝස් යන පාරාවෝවරුන් දෙදෙනාගෙන් කවර රාජ්‍ය සමයේද යන්න අපැහැදිලි ය. එසේවුවද එය ටොලමි III යුවර්ගිටිස් රාජ්‍ය සමයට පෙර ලියැවුණකි.

සටහන්

  1. Manetho (2018). Delphi Complete Works of Manetho. Delphi Classics. p. 251. ISBN 978-1-78656-394-1.
  2. "أسماء بعض البلاد المصرية بالقبطية - كتاب لغتنا القبطية المصرية | St-Takla.org". st-takla.org.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැනිතෝ පිළිබඳ තොරතුරු, මැනිතෝ යනු කුමක්ද? මැනිතෝ යනු කුමක් දර්ශනය කරන්නේ?