කම්කරු දිනය

කම්කරු දිනය යනු කම්කරුවන්ගේ මස්තකප්‍රාප්තීන් සැමරීම සඳහා වන වාර්ෂික නිවාඩු දිනයකි. කම්කරු දිනයෙහි සම්භවය පවතින්නේ වෘත්තිය සංගම් ව්‍යාපාරය වෙත වන අතර, විශේෂිත වශයෙන්, පැය අටක වැඩ කිරීමද, පැය අටක විශ්‍රාන්තියද සහ, පැය අටක විවේකයද අධිවාචනය කළ, පැය-අටක දිනය ව්‍යාපාරය වෙත පවතියි. බොහෝ රටවල, කම්කරු දිනය, මැයි 1 දිනදී සැමරෙන, ජාත්‍යන්තර කම්කරු දිනය හා සමගින්, තුල්‍යාර්ථ හෝ බැඳී හෝ පවතියි. අනෙකුත් රටවලදී, කම්කරු දිනය සැමරෙන්නේ වෙනස් දිනයන්හිදී වන අතර, බොහෝ විට එය සිදුවන්නේ එම රටෙහි කම්කරු ව්‍යාපාරයට වැදගත් වන දිනයකදීය. කැනඩාවේ සහ එක්සත් ජනපදයෙහි, කම්කරු දිනය පැවැත්වෙන්නේ සැප්තැම්බර මස පළමුවන සඳුදා දිනයෙහිදී වන අතර, රටෙහි බොහෝ පෙදෙස් වල ගිම්හාන නිවාඩු කාලයේ නිල අවසන ලෙසින් සැලකෙන්නේ, රජයේ පාසැල් වල සහ විශ්වවිද්‍යාල වල සිසුන් එම සතියේ හෝ ඊට පසු සතියේ හෝ පාසැල් වල අධ්‍යයනය සඳහා පැමිණෙන බැවිනි. (පාර්ලිමේන්තුව වුවද සාමාන්‍යයෙන් නව සැසියක් අරඹන්නේ, නිවාඩුව කෙළවර වූ විගස වන අතර, සභා වාරය අවසන්ව තිබූ අවස්ථාව පමණක් එසේ නොවේ.)

ජාත්‍යන්තර කම්කරු දිනය

වෙනත් දිනයන්

කැනඩාව

1880 ගණන් වල සිට, කැනඩාවේ කම්කරු දිනය සමරා ඇත්තේ, සැප්තැම්බර් මස පළමුවන සඳුදා දිනයෙහිදීය.

නවසීලන්තය

නවසීලන්තයේ, කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් වන අතර එය පැවැත්වෙන්නේ ඔක්තොම්බර් මස සතරවන සඳුදා දිනයේදීය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කම්කරු දිනය පිළිබඳ තොරතුරු, කම්කරු දිනය යනු කුමක්ද? කම්කරු දිනය යනු කුමක් දර්ශනය කරන්නේ?