මිරැන්ඩා ප්‍රාන්තය, වෙනිසියුලාව

මිරැන්ඩා ප්රාන්තය ( ස්පාඤ්ඤ: Estado Miranda ,IPA: [esˈtaðo miˈɾanda] ) යනු වෙනිසියුලාවේ ප්‍රාන්ත 23 න් එකක් වන අතර සුලියා ප්‍රාන්තයෙන් පසු දෙවන වැඩිම ජනගහනයක් සහිත රාජ්‍යයයි. 2011 සංගණනයට අනුව, එහි ජනගහනය 2,675,165 කි. වෙනිසියුලානු ජාතික සංඛ්‍යාලේඛන ආයතනයට අනුව (Instituto Nacional de Estadistica, Caracas) වෙනිසියුලාවේ විශාලතම මානව සංවර්ධන දර්ශකය ද එය සතුය. මෑත කාලීන ජනගහන ඇස්තමේන්තුව 2016 මැද භාගයේදී 3,194,390 විය.

මිරැන්ඩා යනු දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ වාණිජ කටයුතු සඳහා වැදගත් මධ්‍යස්ථානයකි. ප්‍රාන්තය ආණ්ඩුකාරවරයෙකු විසින් පරිපාලනය කරනු ලබන අතර, නගරාධිපතිවරයෙකු යටතේ ඇති මහ නගර සභා 21 කට උප-බෙදී ඇත.

මිරැන්ඩා ප්‍රාන්තයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 7,950 කි. .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිරැන්ඩා ප්‍රාන්තය, වෙනිසියුලාව පිළිබඳ තොරතුරු, මිරැන්ඩා ප්‍රාන්තය, වෙනිසියුලාව යනු කුමක්ද? මිරැන්ඩා ප්‍රාන්තය, වෙනිසියුලාව යනු කුමක් දර්ශනය කරන්නේ?