මිසයිල

මිසයිලයක් යනු සාමාන්‍යයෙන් ජෙට් එන්ජිමකින් හෝ රොකට් මෝටරයකින් බල ගැන්වෙන ස්වයංක්‍රීයව පියාසර කළ හැකි පුපුරණ ද්‍රවය රැගත් ආයුධයකි.

විවිධ වර්ගයේ මිසයිල; වමේ සිට දකුණට:
1. R-36M අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය
2. FGM-148 Javelin යුධ ටැංකි නාශක මිසයිලය
3. Harpoon නැව් නාශක මිසයිලය
4. Prithvi ප්‍රති-බැලිස්ටික් මිසයිලය
5. BrahMos කෲස් මිසයිලය
6. RIM-162 මතුපිටින් -ගුවනට මිසයිලය

මුලදී, ඉලක්කයකට විසි කරන, වෙඩි තබන හෝ දියත් කරන ඕනෑම දෙයක් "මිසයිලය (ඉංග්‍රීසි:  missile)" ලෙස හැඳින්විිය. නමුත් අද, මඟ පෙන්වීමක් නැති ඒවා රොකට් ලෙස හැඳින්වේ. එන්ජිමක් නොමැති නම් ඒවා තුවක්කුවෙන් වෙඩි තැබීමේදී "ෂෙල් වෙඩි" හෝ ගුවන් යානයකින් බිම හෙළන විට "බෝම්බ" ලෙස හැඳින්වේ.

ඉලක්කයක් දෙසට තම ගමන් මග වෙනස් කරමින් ගමන් කළ හැකි මිසයිලවලට ඉලක්ක පද්ධතියක්, මාර්ගෝපදේශ පද්ධතියක්, පියාසර පද්ධතියක්, එන්ජිමක් සහ යුධ හිසක් ලෙස ප්‍රධාන කොටස් පහක් ඇත.මිසයිල දියත් කරන ස්ථානය සහ එය ඉලක්ක කරන්නේ කුමක් ද යන්න මත පදනම්ව මතුපිටින්-මතුපිටට, ගුවනින්-මතුපිටට, මතුපිටින් -ගුවනට සහ ගුවනින්-ගුවනට ලෙස මිසයිල වර්ග කළ හැකිය.

ඉතිහාසය

රොකට් නවීන මිසයිලවල පූර්වගාමියා වූ අතර, චීන ජාතිකයන් 10 වැනි සියවසේ මුල් භාගයේදී ඊතල ප්‍රචාලනය කිරීමට ඒවා භාවිතා කළහ.

අමතර අවධානයට

  • සිරස් දියත් කිරීමේ පද්ධති

මූලාශ්‍ර

  1. Crosby, Alfred W. (2002), Throwing Fire: Projectile Technology Through History, Cambridge: Cambridge University Press, pp. 100–103,
    ISBN 978-0-5217-9158-8
     

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිසයිල පිළිබඳ තොරතුරු, මිසයිල යනු කුමක්ද? මිසයිල යනු කුමක් දර්ශනය කරන්නේ?